පුලුවන්නම් මන්ත්‍රීකම් නැති කරන්න - ශ්‍රීලනිප නායකයන්ට අභියෝගයක්

පුලුවන්නම් මන්ත්‍රීකම් නැති කරන්න - ශ්‍රීලනිප නායකයන්ට අභියෝගයක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන 53 ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවීම වෙනුවෙන් කටයුතු කරන බවත් ඒ හමුවේ මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දී ඇති ආකාරයට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රීධුරය අහෝසිකර පෙන්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියේ පසුගියදා විද්‍යුත් මාධ්‍යක පැවති දේශපාලන විවාදයකට සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ 2015 අගෝස්තු මාසයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාව හමුවේ තැබූ මැතිවරණ ප්‍රකාශනයේ කිසිඳු තැනක එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් ආණ්ඩුවක් සම්බන්ධව සඳහනක් නොමැති බවත් තමන් පොදුජන පෙරමුණට සහය දෙන්නේ සන්ධානයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවා ජනතාවට ලබාදුන් පොරොන්දුව කඩකිරීමට එරෙහිව බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න