අගමැති රනිල් : විදෙස් තානාපතිවරුන් කැඳවයි !

අගමැති රනිල් : විදෙස් තානාපතිවරුන් කැඳවයි !

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ සේවය කරන විදෙස් තානාපතිවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම නීති විරෝධී බව සඳහන් කිරීම සඳහා මෙසේ තානාපතිවරුන් කැඳවීමට කටයුතු කර ඇති බවද දැනගන්නට ඇත.

මේ වන විටත් යුරෝපා සංගමය ඇතුළුව යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, යන රටවල තානාපතිවරුන් සේම එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයාද සාමුහික නිවේදනයක් නිකුත් කරමින් ලංකාවේ දේශපාලන කැළඹීල්ල සම්බන්ධව අවධානයෙන් සිටින බව සඳහන් කර ඇත.

එසේම ප්‍රශ්නය නෛතික සහ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන ලෙසද එහි අවධාරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න