ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු යුරෝපා සංගමයේ තානාපතිවරුන් ඊයේ (28) සවස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී ඇති අතර ඔවුන්ගේ සම්පුර්ණ සහය හිමි වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව දැනුම්දී ඇත.
අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ විදෙස් තානාපතිවරුන් මුණගැසීම සංවිධානය කරන අතර ජනාධිපතිවරයාද විදෙස් තානාපතිවරුන්ගේ හමුවක් කැඳවා ඇත.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ සවස 4.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නැයි ලංකාවේ සිටින තානාපතිවරුන් වෙත ආරාධනා කර ඇත. එහිදී තානාපතිවරුන් දැනුම් දී ඇත්තේ සවස නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට ආරාධනාවක් කර ඇති බවයි.
ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම වේලාව පැය දෙක හමාරකින් දිගු කර සවස 6.30ට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ ආරාධනාවටද කිසිදු රටක තානාපති කාර්යාලයකින් ප්‍රතිචාරයක් දක්වා නැති අතර රටවල් දෙකකන් පමණක් තමන්ගේ රටවලින් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කියා දන්වා ඇත.
ඒ අතරම ඉදිරියේදී ව්‍යවස්ථානුකුලාව සියළු කටයුතු සිදුකරන මෙන් ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු යුරෝපා සංගමයේ සියළු රටවල් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා රජයට තරයේ අවධාරණය කර ඇති බවද දැනගන්නට ඇත.

