බැසිල් - එස්.බී අපිව ඇන්දුවා : මෛත්‍රී අහුවුණා

බැසිල් - එස්.බී අපිව ඇන්දුවා : මෛත්‍රී අහුවුණා

රට අරාජික කර යහපාලන ආණ්ඩුව විසුරවා හැරීමේ අරමුණින් බැසිල් රාජපක්ෂ විසින් දියත්කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හසුවූ බවත් ඒ සඳහා ජනාධිපතිවරයාව පොළඹවා ගෙන දුෂ්කරතාවට පත්කළේ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කරයි.

ඔහු සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුව වෙනුවෙන් මෛත්‍රී පාර්ශවය නියෝජනය කර ඇත්තේ  එස්.බී. දිසානායක  මන්ත්‍රීවරයා වන අතර ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය සිදුවන තෙක් මෛත්‍රී හැර වෙනත් කිසිවෙක් මේ සම්බන්ධව දැනසිට නැත.

ඒ.බී දිසානායක සමඟ මහින්ද පාර්ශවය වෙනුවෙන් ගනුදෙනු සිදුකර ඇත්තේ බැසිල් රාජපක්ෂය. එහිදී බැසිල් රාජපක්ෂ එස්.බී දිසානායක යොදවා මෛත්‍රී ජනාධිපතිට දන්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 පෙන්වීම වෙනුවෙන් තමන් එජාප මන්ත්‍රී කණ්ඩායමක් එකතු කරගෙන සිටින බවත් අවශ්‍ය ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සූදානම් බවය. 

එසේම එජාප උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක මෙන්ම අමාත්‍ය විජේදාස රාජපක්ෂ සමඟ එජාපයේ කොටසක් සෘජුව සම්බන්ධ වන බැවින් කිසිඳු ගැටළුවක් ඇති නොවන බවද බැසිල් රාජපක්ෂ දන්වා ඇත.

පසුගියදා ව්‍යවස්ථා විරෝධී ආකාරයට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස  පත්කරන්නට මෛත්‍රීපාල ජනාධිපති  කටයුතු කර ඇත්තේද ඒ අනුවය. 

කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයා සඳහන්කර සිටින්නේ මෙතෙක් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අසමත්ව සිටින බවය.

මේ පිළිබඳ ජනාධිපතිවරයාද අවස්ථා කිහිපයකදී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගෙන් විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ තමන්ට කියූ දේ හැර වෙනත් කිසිවක් තමන් නොදන්නා බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න