ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව තෝරාගත් ලැයිස්තුවක් අනුව රාජ්‍ය මාධ්‍යයේ කටයුතු කළ මාධ්‍යවේදීන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
මහින්ද රාජපක්ෂ නීති විරෝධී ආකාරයට පත්වීම ලැබූ දිනයේම (26) රාත්‍රියේ මෙම මාධ්‍ය දඩයම ආරම්භ වූ අතර එහි පළමු සිදුවීම වන්නේ ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ සුභාෂ් ජයවර්ධන නිල රථයෙන් බිමට බස්සවා පහරදීමට උත්සාහ කිරීමය. එහිදී ඔහුට මරණ තර්ජන කරමින් නැවත ඇහැට දකින්නට ලැබුණොත් මරාදමන බව පවසා ඇත. එසේම ඔහු වෙත හූ කියා ඇඟ දෙසට රතිඥ්ඥා පත්තුකර දමා ඇති බවද වාර්තා වෙයි.
එසේම මේ වන විට ස්වාධීන රූපවාහිනි සේවයේ සේවය කළ ධම්මික යටිකිඳ (කළමනාකරු - කාළීන සිදුවීම්) මෙන්ම මාධ්‍යවේදීන් වන දයා නෙත්තසිංහ, ශාලික විමලසේන, ජයසිරි අලවත්ත වෙත නැවත එම ආයතනයට නොපැමිණෙන ලෙස දන්වා ඇතැයිද වාර්තා වෙයි. එසේම පුවත් නිවේදිකාවන් දෙදෙනෙකු වන සුපුන් භාග්‍යා සහ දිනුෂි ධීරසිංහ යන මාධ්‍යවේදිනියන් දෙදෙනාටද නැවත ආයතනයට නොපැමිණ ලෙසත් එසේ ඒමට අවශ්‍ය නම් සුදර්මන් මුණගැසී එන ලෙසද දන්වා ඇතැයි වාර්තා වෙයි. තවද ITN fm හී ප්‍රධානියා ලෙස කටයුතු කරන උදම් සතරසිංහ වද ධුරයෙන් පහකර නැවත ආයතනයට නොපැමිණෙන ලෙස දන්වා ඇති බවද වාර්තා වෙයි.
දුෂණ සම්බන්ධව වරෙන්තු ලබා සිටින එහෙත් මෛත්‍රී ජනාධිපතිගේ ආශීර්වාදයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාගෙන සිටි සුදර්මන් රදලියගොඩ නමැති චූදිතයා නීති විරෝධී ගිනිඅවි රැගෙන ස්වාධීන රුපවාහිනි ආයතනයේ රැඳී සිටින බවත් දැනගන්නට ඇත.
එසේම ජාතික රූපවාහිනීයේ ප්‍රවෘත්ති අංශයේ සංජය ලියනගේ වෙතද නැවත සංස්ථාවට නොපැමිණෙන ලෙසත් එසේ පැමිණියහොත් ජීවිතයට වගනොකියන බවට තර්ජනය කර ඇති බවද වාර්තා වෙයි.

