මහින්දගේ යෝජනා එක එක ගැලවේ !

මහින්දගේ යෝජනා එක එක ගැලවේ !

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ  ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ධූරය සඳහා ගෝඨාභය රාජපක්ෂ පත්කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙතින් ඉල්ලා ඇති නමුත් ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ තනතුරු සඳහා මේ වන විට දෙපාර්ශවය අතර බලවත් පොරයක් ඇතිව තිබෙන අතර දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් කිහිපයක්ම සිරිසේන ජනාධිපති ප්‍රතික්ෂේප කර ඇති බවය.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට  මීට පෙර කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලේකම් ලෙස හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පත්කර ගන්නට මහින්ද රාජපක්ෂ මහතා  යෝජනා කරත් සිරිසේන ජනාධිපති එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට එස්. අමරසේකර පත්කර ඇත.

තවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පත්කිරීමට යෝජනා කර ඇතත් සිරිසේන ජනාධිපති පවසා ඇත්තේ වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව ඒ සඳහා පත්කරන බවය.

එසේම ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති අංශය අත්පත් කරගන්නට සුදර්මන් ඇතුළු පිරිසක් එහි ගොස් ඇති නමුත් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක එහි ගොස් සුදර්මන්ට ප්‍රවෘත්ති අංශයේ කිසිඳු වැඩකට මැදිහත් නොවන ලෙස දන්වා ඇති බව දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න