විදෙස් රටවල් කිහිපයක් : සිරිසේන අමතයි !

විදෙස් රටවල් කිහිපයක් : සිරිසේන අමතයි !

දැනට ලංකාවේ මතුව තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ ජනාධිපතිවරයා ක්‍රියාකර ඇති ආකාරය ව්‍යවස්ථාවට අනුකූල බවක් පෙනෙන්නට නැති, ප්‍රජාතන්ත්‍ර විරෝධී  බැවින් වහාම ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කටයුතු කරන ලෙස විදෙස් රටවල් කිහිපයක් ජනාධිපති සිරිසේන අමතා දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ ජනාධිපතිවරයා අමතා ඇත්තේ ඇමරිකාව, යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් රාජධානිය යන රටවල් විසින්ය.

එහිදී පාර්ලිමේන්තුව වහාම කැඳවීම, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි මන්ත්‍රීවරයාට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීම ඇතුළු කරුණු කිහිපයක්ම සම්බන්ධව දැඩිව අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි. එම උපදෙස් අනුව කටයුතු නොකළහොත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ කිසිවෙකුට විදෙස් සංචාර තහනමක් පනවන බවද දන්වා ඇතැයි වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න