කුමන්ත්‍රණ ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී : නීතිවේදීන් එක හඬින් කියයි ! 

කුමන්ත්‍රණ ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී : නීතිවේදීන් එක හඬින් කියයි ! 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරෙන් ඉවත් කිරීමට ගත් උත්සාහය නියත වශයෙන්ම ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන් ගේ සංවිධානය පෙන්වා දෙයි. 

අද (28)  කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතා කතා කළ ව්‍යවස්ථා කටයුතු පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක මහතා පැවසුවේ දැනට උද්ගත වී තිබෙන ව්‍යවස්ථාමය අර්බුදය වළක්වා ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙවැනි ව්‍යවස්ථා විරෝධී පියවරයන් ගැනීම හේතුවෙන් ජන ජීවිතය අඩාල වී ජාත්‍යන්තර වශයෙන් රට හුදෙකලා විය හැකි බවට අනතුරු හැඟවීමක් කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තිබූ අසීමිත බලතල සීමා කිරීමට ගත් පියවර නොතකා මෙලෙස ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමට උත්සාහ කිරීම 2015 දී හැට දෙලක්ෂයක ජනතා බලාපොරොත්තුව හා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා  තවදුරටත් පෙන්වා දුන්නේය.     

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න