නීති විරෝධී තනතුරු ගන්නන්ට : මංගලගෙන් රතු එළියක් !

නීති විරෝධී තනතුරු ගන්නන්ට : මංගලගෙන් රතු එළියක් !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ සිදුකර ඇති පත්කිරීම් සියල්ල නීති විරෝධී බවත් එහි තනතුරු භාරගන්නා පුද්ගලයන් සම්බන්ධව ඉදිරියේදී නියත වශයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර එය පහත දැක්වේ.

කුරුණාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් වූ බව කියන නව රජය කුමන්ත්‍රණයකින් පත්වූ එකක් මිස ව්‍යවස්ථානුකූල හෝ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයකින් බලයට පැමිණි එකක් නොවේ. ඔවුන්ට රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවීම නිසා නීත්‍යනුකූල, ව්‍යවස්ථාමය හෝ සදාචාරමය බලයක් නොමැත. 

එම නිස මෙම කුමන්ත්‍රණකාරී රජය විසින් සිදු කරනු ලබන සියලුම පත් කිරීම් නීත්‍යනුකූල ඒවා නොවන බවට අවධාරණය කරනු ලබන අතර ඒවා භාර ගන්නා පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු. 

නීත්‍යනුකූල, ව්‍යවස්ථානුකූල සහ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයකින් බලයට පැමිණි රජය වන අප මෙම කුමන්ථ්‍රණකාරී වැඩපිළිවෙල පරාජයට පත් කරන බව මෙයින් ශපථ කරමු. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානත්, ලෝකයේ සියලුම ප්‍රධාන රටවලුත් දැනුම් දී ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙසයි. 

එමනිසා කුමන්තරණයකුන් බලයට පැමිණි මෙම රජයේ තනතුරු ලබන සියලු නිලධාරීන්  මෙම කුමන්ත්‍රණයට සහය දැක්වූ සහ අනුබල ලබා දුන් අයවලුන් ලෙස සැළකීමට සිදු වන බවත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බවත් මෙයින්  ප්‍රකාශ කර සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න