අද රාජ්‍ය මාධ්‍යවල භීෂණය පැතිරිලා ඉවරයි - මංගල සමරවීර 

අද රාජ්‍ය මාධ්‍යවල භීෂණය පැතිරිලා ඉවරයි - මංගල සමරවීර 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවතින ව්‍යවථාපිත රාමුව උල්ලංඝනය කරමින් නය අගමැතිවරයා පත් කිරීම නීති විරෝධි බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. 

‘‘ මේ තියෙන ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයා මිය යාම, ඉල්ලා අස්වීම හෝ බහුතර බලය නොමැති වීම යන කරුණු තුන මත පමණක් අගමැිවරයා ඉවත් කරන්න පුළුවන්. හැබැයි මේ එක දෙයක්වත් නොවී එක පාරටම ජනාධිපති අලුතෙන් අගමැතිවරයෙක් පත් කරනවා. ජනාධිපතිගේ මේ දෙපිටකාට්ටු ක්‍රියා හින්දා ‍අපිට කරන්න බැරි වුණ දේවල් අපි ලබන වසරේදී කරනවා.

මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්. මෙච්චර කාලයක් අපිට එක එක විදියේ දේවල් සිද්ද වුණා. ඒ හැම දේකදිම අපි නිහඩව  හිටියා. අපි ඒ දෙපිටකාට්ටු වැඩ එළිපිට කතා කරන්න ගියේ නැහැ. හැබැයි එතුමාගේ සැබෑ ස්වරූපය අද එළියට ඇවිල්ලා තියෙනවා. “

අද වන විට රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ භීෂණය පැතිරී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

“ මේ වෙද්දි රාජ්‍ය මාධ්‍ය ආයතනවල භීෂණය පැතිරෙමින් යනවා. ජාතික රූපවාහිනියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එයාගේ චණ්ඩි ටිකත් එක්ක ගිහින් ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තිබුණා.

රට යළිත් වතාවක් භීෂණ යුගයකට ඇදී යන්න පටන් අරන්. “

ජාතික රූපවාහිනියට මෙම ස්වාධීන රූපවාහිනි සේවයේ ඇතැම් නිළධාරීන් හා ‍ප්‍රවෘත්ති නිවේදිකාවන් දෙදෙනෙක්ට ද මරණීය තර්ජන එල්ල වී තිබුණා.

මහින්ද රාජපක්ෂ දිවුරුම් දී පළමු විනාඩි පහළොව ඇතුළත පොහොට්ටු චණ්ඩීන් මෙලෙස කුපිත වීම 2015ට පෙර මාධ්‍යවේදීන්ට සිදු වූ අඩන්තේට්ටම් හා ඝාතන යළි යළිත් සිහිපත් කරවන්නක්.   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න