සංස්කෘතිය ගැළපෙන්නෙම නෑ තමයි - හරින් ප්‍රනාන්දු 

සංස්කෘතිය ගැළපෙන්නෙම නෑ තමයි - හරින් ප්‍රනාන්දු 

අද (29) උදෑසන  අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති සිරිසේනගේ ජාතිය අැමතීම ගැන හරින් ප්‍රනාන්දු මහතා කරුණු අදහස් පළ කළා. 

“ කැළණි විහාරයට ඉඩම් පූජා කළ, බෞද්ධ පරිසරයත් එක්ක හැදී වැඩුණු කළබල නැති අගමැතිවරයාගේ සංස්කෘතිය හා සිරිසේන ජනාධිපතිවරයාගේ සංස්කෘතිය හාත්පසින්ම වෙනස් තමයි.

එහෙම සංස්කෘතියක ජීවත් වුණ අගමැති වික්‍රමසිංහගේ සංස්කෘතිය සිරිසේන ජනාධිපතිවරයාට ගැළපෙන්නේ  නැහැ. ඒක මම පිළිගන්නවා. ඊයේ සිරිසේන මහත්තයාගේ ජාතිය ඇමතීම හරියට ගෙදරක අයියා මලෝ රණ්ඩු වුණාම අම්මට ඇවිත් කියන අවනඩුව වගේ තනිකරම විලාපයක් තමයි අපිට ඇහුණේ. “

මේ අදහස් අතර හෙට (30) පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් ද ප්‍රනාන්දු මහතා අදහස් පළ කර තිබුණා. 

“අපි හෙට දියත් කරන විරෝධතාවය මේ අර පොහොට්ටු කල්ලියේ වගේ ලයිට් කණුවල එල්ලෙන පොල් ගස්වල නගින විරෝධතාවක් නෙවෙයිග ඒක බොහොම සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයක්. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න