කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්වීමත් සමඟ යහපාලන ආණ්ඩුව නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් බැන තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය දින දෙක තුන තුළ යහපාලන ආණ්ඩුවේ සිටින විට තම පියාට ඇතුළුව රාජපක්ෂ පවුල විවේචනය කළ අවස්ථා සිහිපත් කරමින් මෙම තර්ජනය කිරීම් සිදුකර ඇති අතර ඉතා ඉක්මණින් කළ පව් වලට වන්දි ගෙවීමට සූදානම් වන ලෙස එහිදී සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වුවත් දැනටමත් ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධව කළකිරී සිටින ශ්‍රීලනිප අමාත්‍ය කණ්ඩායම කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යධුර ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධව අද (29) පෙරවරුවේ ශ්‍රීලනිප අමාත්‍යවරුන් පිරිසක් එක්ව සාකච්ඡා කර ඇති බවත් මතුව ඇති තත්ත්වය හමුවේ ගතයුතු ඉදිරි දේශපාලන තීන්දුවක් සම්බන්ධව ඔවුන් අද සවස් වරුවේ හමුවේ සාකච්ඡා කිරීමට එකඟතාවක් ඇතිකරගෙන තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

