වියරු වැටී සිටින සිරිසේන : ඇමති මංගලගේ ආරක්ෂකයින් ඉවත් කරයි !

වියරු වැටී සිටින සිරිසේන : ඇමති මංගලගේ ආරක්ෂකයින් ඉවත් කරයි !

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත සපයා තිබූ ඇමති ආරක්ෂක අංශය ඉවත්කර ඔවුන් සියළු දෙනා යළි කැඳවීමට ජනාධිපති සිරිසේන නියෝග කර ඇති බව වාර්තා වෙයි.

 කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීම ව්‍යවස්ථාපිත කරගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රී පිරිස නොමැතිවීම හේතුවෙන් වියරු වැටී සිටින ජනාධිපති සිරිසේනගේ සැළසුම වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරමින් සිටින දේශපාලන නායකයන්ගේ  ජීවිත අනාරක්ෂිත කරගෙන බලය තහවුරු කර ගැනීමය.
එසේම  මේ වන විට ජනාධිපති උපදේශකයන් සියළු දෙනා ඉවත්කර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ තම උපදේශකයන් ලෙස පත්කරගෙන ඇති බවද දැනගන්නට ඇත.
ඒ පසුබිමේ මීට වඩා පහත් නින්දිත  ආකාරයේ හැසිරීම් ඉදිරියේදී සිරිසේන ජනාධිපති වෙතින් සිදුවීමට නියමිත අතර අප ජනතාවට දැනුම්දෙන්නේ මේ වියරු රංගනය අවසන් කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට අවධියෙන් සිටින ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න