මෛත්‍රීගේ ලේ වැකුණු යෝජනාව : මහින්ද  ප්‍රතික්ෂේප කරලා !

මෛත්‍රීගේ ලේ වැකුණු යෝජනාව : මහින්ද  ප්‍රතික්ෂේප කරලා !

කුමන්ත්‍රණ ආණ්ඩුවට ව්‍යවස්ථාපිත බලය ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මන්ත්‍රී පිරිස සපයා ගැනීමට නොහැකිවීම හමුවේ වියරු වැටී සිටින සිරිසේන ජනාධිපති විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  හමුදාව යොදවා අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමේ උත්සාහය අසාර්ථකවී ඇති බව වාර්තා වෙයි.

අද (29) උදෑසන කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස හිටපු ජනාධිපති මහින්ද වැඩ භාරගැනීමත් සමඟ වියරු ජනපති සිරිසේන මේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එහිදී මහින්ද මහතා සඳහන් කර ඇත්තේ මේ වන විටත් පාර්ලිමේන්තු බහුතරය පෙන්වා ගැනීමට නොහැකිව සිටින පසුබිමේ හමුදාව කැඳවීම අනවශ්‍ය ක්‍රියාවක් බවත් ඒ තුළ මතුවන අවධානම කිසිසේත්ම තම පාර්ශවය භාර නොගන්නා බවය.

එසේම බැසිල් රාජපක්ෂ මහතාද මේ සම්බන්ධව මහින්ද මහතා දැනුවත් කර ඇති අතර මතුව ඇති දේශපාලන පසුබිම වඩාත් අවාසිදායක වන බැවින් එම තත්ත්වය වර්ධනය වන කිසිඳු යෝජනාවකට සහය නොදෙන ලෙස එහිදී දන්වා ඇති බවද වාර්තා වෙයි.

තවද ජනාධිපතිගේ මෙතෙක් සිටින උපදේශකයන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයා සිදුකරන්නට යන මේ ක්‍රියාවේ තිබෙන අවධානම පෙන්වාදී ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ වන විට කුමන්ත්‍රණ ආණ්ඩුවේ වියරු ජනාධිපති සිරිසේන තම සියළු උපදේශකයන් පළවා හැර ඇති බව දැනගන්නට ඇති අතර මේ වන විට ජනාධිපතිගේ දේශපාලන කටයුතු සම්බන්ධව උපදෙස් නිකුත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිළ ය.

දිගින් දිගටම විමල් වීරවංශ ජනාධිපතිවරයාට බලපෑම් කරමින් හමුදාව යොදවා හෝ අගමැති රනිල් ඉවත් කිරීමටත් විරුද්ධවාදීන් මර්දනය කිරීමට නියෝග නිකුත්කර ගැනීමේ පහත් උත්සාහයක නිරතවන බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න