කුමන්ත්‍රණයේ මහමොළ ගැටේ : මහින්දත් තීන්දුවක් ගන්න සූදානම් !

කුමන්ත්‍රණයේ මහමොළ ගැටේ : මහින්දත් තීන්දුවක් ගන්න සූදානම් !

කුමන්ත්‍රණ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ 113ක මන්ත්‍රී සහය ලබා ගැනීම අසාර්ථකවීම හමුවේ ජනාධිපති සිරිසේන සහ මහින්ද අතර බරපතල මත ගැටුමක් නිර්මාණය වෙමින් ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අද (29) උදෑසන දෙදෙනා හමුවූ අවස්ථාවක මතුව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධව අදහස් හුවමාරුවී ඇති අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද සඳහන් කර ඇත්තේ පොරොන්දුවූ ආකාරයට පාර්ලිමේන්තුවේ 113න අරගෙන කඩිනමින් ස්ථාවරත්වයක් ඇතිකරගත යුතු බවත් එසේ නොවුණහොත් තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවත්ය.

එසේම කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු නොකළහොත් රටට එරෙහිව විදෙස් සම්බාධක පැමිණවීමේ අවධානමක් පවතින බවත් එවැනි වාතාවරණයක් ඇති වුවහොත් තමන් කිසිසේත් අග්‍රාමාත්‍යධුරයේ නොසිටින බවද මහින්ද පවසා ඇත.

තවද මේ වන විට තම මල්ලි වූ බැසිල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 ක් සැපයීමට පොරොන්දුවූ බව සඳහන් කරමින් ප්‍රචාරය යවා ඇත්තේ ජනාධිපති කාර්යාලයේ සිටින පිරිසක් බවට තමන්ට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවත් එවැනි ප්‍රකාශ තවදුරටත් නිකුත් වුවහොත් තම පාර්ශවයද ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවද මහින්ද මහතා අවධාරණය කර ඇත.

එම කතා බහෙන් පසුව කිසිවක් කරකියා ගත නොහැකිව අසරණ ලීලාවට පත්වූ සිරිසේන ඔහොම ඉන්නකෝ කියමින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් කිහිපදෙනෙකු වෙත දුරකථන ඇමතුම් ලබාදී ඇති සිරිසේන ජනාධිපති කඩිනමින් හමුවන ලෙස දන්වා ඇත.

එම දැනුම්දීම හමුවූ එක් ශ්‍රීලනිප අමාත්‍යවරයෙකු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධව තමන් දැඩි අප්‍රසාදයට පත්ව සිටින බවය. එසේම ජනාධිපතිවරයා හුදකළා නොකර සිටි වරදට තමන්ට මේ වන විටත් නාමල් රාජපක්ෂගේ තර්ජනයට ලක්වීමට සිදුවන බවත් එම ඉරණම උදාවුයේ ජනාධිපතිවරයාගේම ක්‍රියා කළාපය නිසා බැවින් තවදුරටත් තමන් සම්බන්ධව විශ්වාසයක් තබා නොගන්නා ලෙසද මන්ත්‍රීවරයා  සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

අවසානයේ මෛත්‍රී ජනාධිපති ශ්‍රීලනිප අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ UNP සමඟ සම්බන්ධවීමේ අදහසක් ඇතිද කියාය.

නමුත් ඒ අවස්ථාවේ එම අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් යනවා නම් යන්නේ ඔබට (ජනාධිපතිට) බුලත්දී සමුගෙන බවත් ඒ හැර සද්ද නොකර යන්න තරම් දෙයක් තමන්ට නොමැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න