තිලංගගේ ලණු ගිල්ල සිරිසේන : අර්ජුනව හිරේ දාගෙන !

තිලංගගේ ලණු ගිල්ල සිරිසේන : අර්ජුනව හිරේ දාගෙන !

අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයා පොළඹවා ගෙන තිබෙන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ  ක්‍රීඩා අමාත්‍යවරයා වීමේ අපේක්ෂාවෙන් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ තමන් පක්ෂ මාරුවක් සම්බන්ධව සාකච්ඡා කරන බව සඳහන් කරමින් ඔවුන් තුළ විශ්වාසය ඇති කිරීමට අර්ජුන අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට නියෝග කර පෙන්වන ලෙස තිලංග මන්ත්‍රී  ජනාධිපති සිරිසේනට පවසා ඇති බවද  වැඩිදුරටත් වාර්තා වෙයි.
පසුගිය සමයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තිමත් මෙන්ම දුෂිත තිප්පොළක් බවට පත්කිරීමට මැදිහත්වීම සම්බන්ධව අර්ජුන අමාත්‍යවරයා බුකී හිමිකාර තිලංග සුමතිපාල පාර්ශවයට චෝදනා කර සිටියේය.

එසේම  පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සිදුකළ ඉන්දීය සංචාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධතා මත ක්‍රිකට් දුෂණ පිටුදැකීම සම්බන්ධව මෝදි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ අරුන් ජෙට්ලි සමඟ සාකච්ඡා කිරීම හේතුවෙන් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා, අමාත්‍ය අර්ජුන රණතුංග සම්බන්ධව දැඩි කෝපයකින් පසුවූ බවද රටම දන්නා කරුණකි.

හයියෝ මෛත්‍රී!

මේ වන විට ජනාධිපති නිල නිවසේ පමණක් නොව ශ්‍රීලනිප - මහින්ද පාර්ශව සියල්ලේ රස කතාවක් වී ඇත්තේ එජාප මන්ත්‍රීවරයෙක් ගේන්නම්  ඕනම පහත් වැඩක් කරන තැනට සිරිසේන ජනාධිපති පත්ව ඇති බවය. 

අර්ජුන එළියට ආවේ "මෛත්‍රී" නිසා  : ඇතුළට ගියේ සිරිසේන නිසා! 

කෙසේ වුවත් ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ දී  අර්ජුන රණතුංග මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට තුවාල සිදුවිමට හේතුව වූයේ නිදහස් සේවක සංගමය (පොහොට්ටුව) විසින් අමාත්‍යවරයාගේ පැමිණීමට බාධා කරමින් මරණ තර්ජන එල්ල කිරීමය.

ඒ අවස්ථාවේ වැඩ තහනම් කර තිබූ තෙල් සංස්ථාවේ නම ගිය පල් හොරෙකු අමාත්‍යවරයාට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන්නට උත්සාහ දරා ඇත. ඒ සංස්ථා මැරයන් වෙතින්  අමාත්‍යවරයාව ආරක්ෂිතව තබා ගන්නට යොමුකළ කාමරයේ ද දොරගුළු කඩාගෙන ඇතුළට ඒමට උත්සාහ කරමිනි. අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් වෙඩි තැබීම සිදුකර ඇත්තේ තෙල් සංස්ථාවේ  හොර මැරයන් ඇමතිවරයාගේ ඇඳි වතද ගලවා ගන්නට තරම් දරුණු වූ අවස්ථාවේ ය. 
එහිදී අර්ජුන අමාත්‍යවරයා මැර ප්‍රහාරයෙන් බේරාගෙන එළියට ගැනීමට ආරක්ෂක අංශ සමත්වූයේ සිරිසේන - මහින්ද ජවුසම ගැන ඔවුන්ට ඇති අප්‍රසාදය නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න