හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ යැයි කියාගත් පුද්ගලයින් දෙදෙනෙකු අද දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාර්යාලය වන අරලියගහ මන්දිරයට ඇතුල්වී එහි තිබෙන යම් යම් කාර්යාලීය උපකරණ පිළිබදව පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට සූදානම් වීමේදී මහජනතාව හා ඔවුන් අතර නොසන්සුන්තාවයක් ඇතිවිය.
සිද්ධිය සැල වූ වහා අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව නොසන්සුන්තාවය සමනය කිරීමට පියවර ගනු ලැබීය.
මෙම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයන් දෙදෙනා සිය අනන්‍යතාවය ඔප්පුකිරීමට හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් තොරව අරලියගහ මන්දිරයට ඇතුල්වී තිබෙන බව ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණයේදී හෙලි වී ඇත.
තමන් පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ සිට බවත් තමන්ට අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ තිබෙන කාර්යාලීය උපකරණවල සංඛ්‍යාලේඛන ලබා ගන්නා ලෙසටත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයෙන් උපදෙස් ලබාදුන් බව ආරක්ෂක නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඉන් අනතුරුව මෙම පුද්ගලයින් දෙදෙනාගේ අනන්‍යතාවය පරීක්ෂා කර බලා ඔවුන් සුරක්ෂිතව කාර්යාල භූමියෙන් පිට කිරීමට අරලියගහ මන්දිර ආරක්ෂක නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

