සාටක ඝාතකයන් නිදොස්කොට නිදහස් - ගාඩියන් අනතුරු හඟවයි !

සාටක ඝාතකයන් නිදොස්කොට නිදහස් - ගාඩියන් අනතුරු හඟවයි !
මහින්ද රාජපක්ෂගේ පැමිණීමෙන් යහපාලන රජය යටතේ විභාගයට ගත් නඩු හා පරික්ෂණ විමසීම යට යනු ඇතැයි මානව හිමිකම් සංවිධාන බියෙන් පසුවන බව ගාඩියන් පුවත් සේවය වාර්තා කරනවා. 
ඒ අනුව රාජපක්ෂ සමයේ සිදු වූ විවිධ ඝාතන, අතුරුදන්වීම් හා යුද සමයේ සිදු වූ  බව කියන අපරාධ සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන ඇනහිටින  ලකුණු පහළ වෙමින් තිබෙනවා.
 ඊයේ (31) කොල්ලුපිටියේ පැවති සාමකාමී උද්ඝෝෂණයේදී නීතිඥ භවනි ෆොන්සේකා කියා සිටියේ රාජපක්ෂ රෙජිමයේ නැවත පැමිණීම වගවීම, ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම කෙරෙහි කිසිදු යහපතක් ඇති නොකරන බවයි. 
රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ සොයුරිය අයේෂා තාජුඩීන් ද ගාඩියන් පුවත් සේවයට අදහස් දක්වා තිබුණා. 
“ මගේ සහෝදරයාට සිද්ධ වුණේ මොකක්ද කියලා දැන ගන්න මම දිගටම සටන් කළා. රාජපක්ෂ එනවා කියන්නේ මගේ ඒ බලාපොරොත්තුව කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ කියන එකයි“.
ඇය තමන්ගේ අදහස් පළ කර තිබුණේ ඒ අයුරින්. මේ වන විටත් මානව හිමිකම් ක්‍රියාකාරීන් හා රාජපක්ෂ රෙජිමය විවේචනය කිරීමේ අනුහසින් තම පවුලේ අය අහිමි වූවන් තමන්ට යුක්තිය සාධාරණය ඉටු නොවේවි‘යි බියෙන් පසුවන බව එම පුවතේ තවදුරටත් සඳහන් වෙනවා. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න