කුමන්ත්‍රණ ආණ්ඩුව ගැන මොකුත් කියන්න බෑ - නීතිපති මාරු වෙයි !

කුමන්ත්‍රණ ආණ්ඩුව ගැන මොකුත් කියන්න බෑ - නීතිපති මාරු වෙයි !

අගමැති ධුරය වෙනස් වීම සහ  රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ  මතයක්  ප්‍රකාශ කිරීමට නොහැකි බව  නීතිපති ජයන්ත ජයසුරිය මහතා  කතානායක කරුජයසුරිය මහතා  වෙත අද (31)  දැනුම් දී තිබේ.

අදාළ ක්‍රියාවලියේ  නිත්‍යනුකූල භාවය පිළිබඳ  විමසමින්  පසුගිය 27 වැනිදා කතානායකවරයා  විසින්  නීතිපතිවරයාට යොමු කළ  ලිපියට පිළිතුරු දෙමින්  නීතීපතිවරයා මේ බව දැනුම්දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතීපතිවරයාගේ භූමිකාවට අනුකූලව  ඒ සම්බන්ධයෙන්  මතයක්  ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව තමාගේ අදහස බවද නීතීපතිවරයා කථානායකවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ බව සඳහන් කරමින් කතානායක කාර්යාලයද නිවේදනයක් නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් කතානායකවරයාට යොමුකළ ලිපිය.

 45093863 2719736074705022 1772601095470710784 n

කතානායක කාර්යාලය නිකුත් කල නිවේදනය 

Letter

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න