කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය ලබාගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට අල්ලස් ලෙස රුපියල් කෝටි 50 බැගින් සහ අමාත්‍යධුර ලබාදීම අනාවරණය කළ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර හඬපට සාක්ෂි සහිතව සිදුකළ අනාවරණය දෙරණ හෝ හිරු කිසිඳු විද්‍යුත් මාධ්‍යක් වාර්තා කර නොමැත.
මේ සම්බන්ධව සිදුකළ විමසා බැලීමේදී අනාවරණය වූයේ මෙම මාධ්‍ය හමුව ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් හරහා විකාශය නොකරන ලෙස කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් නියෝග නිකුත්කර ඇති බවයි.
යහපාලන ආණ්ඩුව සමයේ රටේ අගමැතිවරයාව පවා නිර්දය ලෙස විවේචනය කරන පුවත් කිසිඳු වාරණයකින් තොරව ප්‍රචාරය වූ අතර ඒ සඳහා කිසිඳු බාධාකිරීමක් ආණ්ඩුව පාර්ශවයෙන්ද සිදුවූයේ නැත.
නමුත් මේ වන විට පිහිටුවා තිබෙන කුමන්ත්‍රණ ආණ්ඩුව මාධ්‍යට බලපෑම් කර ඇතුවා පමණක් නොව ජනතාව සතු දෙපළක් වන සංඛ්‍යාත අමු අමුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ අවශ්‍යතාව මත නින්දිත ආකාරයෙන් යොදාගනිමින් තිබේ.
පාර්ලිමේන්තුව පවා කල්තබමින් ෆැසිස්ට් ආණ්ඩුවක් පිහිටුවීමේ නින්දිත උත්සාහය මේ හමුවේ සනාථ වෙමින් තිබේ.

