රුපියල නොදත් මුදල් ඇමති පරණ පාරේ : සල්ලි අච්චු ගසා ගොඩයන වෑයමක ! 

රුපියල නොදත් මුදල් ඇමති පරණ පාරේ : සල්ලි අච්චු ගසා ගොඩයන වෑයමක ! 

මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පසු (26) ගෙවී ගිය දින 3ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම 36.61% කින් වැඩි වී ඇති බව මුල්‍ය වෙළඳපොල විශ්ලේෂකයන් සඳහන් කරයි.

එය රුපියල් මිලියන 32.014ක වැඩි වීමක් පෙන්නුම් කරමින් රුපියල් මිලියන 119, 463.60ක් දක්වා ඉහළ ගොස් ඇති බව සිලෝන් ටුඩේ පුවත්පතද අනාවරණය කර සිටියි.

ඊට අනුව  මේ සති අන්තයේ දී ශ්‍රී ලංකා රජය මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා ණය පිරිවැය 24.35% කින් වැඩිවී ඇත. ඒ  රුපියල් මිලියන 550.26 සිට රුපියල් මිලියන 2,809.66 දක්වා වැඩි වීමක් පෙන්නුම් කරමින්ය.

රටක ආර්ථික අර්බුද කොතෙකුත් තිබුණද එය කළමනාකරණය කර ගැනිම වෙනුවෙන් මුදල් නෝට්‍ටු මුද්‍රණය කිරීමට තීන්දු කරනවා නම් එය ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් පමණක් නොව උද්ධමනය ඉහළ යන එනම් භාණ්ඩ හා සේවා මිල ඉහළ යන පසුබිමක් නිර්මාණය වන්නක් බව වෙළඳපොල ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න