කුමන්ත්‍රණ ආණ්ඩුවට සහයදීම සඳහා අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් නියෝජනය කරන පාර්ශව තීරණයක් ගැනීමට සූදානම් වන බවට ඉරිදා ලංකාදීප (04) පුවත්පත පළකර තිබෙන පුවත අසත්‍යක් බව එම පාර්ශව සඳහන් කරයි.
තමන් මේ වන විටත් නිල ආණ්ඩුව වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට සහය ලබාදෙන බවට තීරණයක් ගෙන ඇති බවත් ඒ හමුවේ මෙවැනි අසත්‍ය පුවතක් වාර්තා කිරීම ජනතාව නොමග යවන්නක් බවද ඔවුන් පෙන්වා දෙයි.
එසේම මීට පෙරත් එනම් රටේ දේශපාලනයේ තීරණාත්මක අවස්ථා වලදී ලංකාදීප පුවත්පත අසත්‍ය පුවත් වාර්තා කළ බව සිහිපත් කරන එම පාර්ශව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේද විපක්ෂයේ පොදු අපේක්ෂකයා සහ TNA සංවිධානය අතර රහස් ගිවිසුමක් ඇති බවට සාවධ්‍ය පුවතක් සිය පළමු පිටුවේ පළකිරීමට ලංකාදීප පුවත්පත කටයුතු කළ බවය.
එසේම එම සාවධ්‍ය පුවත වාර්තා කල මාධ්‍යවේදිනියම කිසිඳු කරුණු විමසීමකින් තොරව මෙම පුවත වාර්තා කිරීමේ කොන්ත්‍රාත්තුව ගෙන ඇති බවත් එය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආචාරධර්ම පවා දිගින් දිගටම කෙළෙසීමක් බවත් ඔවුන් සඳහන් කරයි.
තවද මේ වන විට සියළුම මාධ්‍ය මුදලාලිලා සිය ලාභ රේට්ටු ගැන සිතා කුමන්ත්‍රණ ආණ්ඩුවට සහයදීමට තීරණය කර ඇති බවක් පෙන්නුම් කරන බවත් ජනතාව වෙත සත්‍ය වාර්තා කළයුතු ජනමාධ්‍ය ජනතාව නොමග යැවීමට කරන නින්දිත උත්සාහය ගැන කණගාටු වන බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කකර සිටියි.

