ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ : රාජපක්ෂට කට උත්තර නැති වේ !

ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ : රාජපක්ෂට කට උත්තර නැති වේ !

කුමන්ත්‍රණ ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් මැති ඇමතිවරුන්ට  අල්ලස් දීම මේ වන විට  ලෝකය පුරාම කතා බහට ලක්වෙමින් තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය මේ සිදුවීම  වාර්තා කර ඇත්තේ රටේ නායකයා හා හිටපු නායකයා මේ වන විටත් අපමණ අගයක් රටට ලබා දෙන විහිළු සහගත ස්වරූපය ලොවටම හෙළි කරමිනි. 

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත මේ පුවත වාර්තා කර තිබුණේ  “පැත්ත මාරු කිරීමට ඩොලර් මිලියන 2.8ක්? - ශ්‍රී ලංකාවේ අල්ලස් චෝදනා සබන්ධ කලබැගෑනිය“ ලෙසිනි.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ට්විටර් පණිවුඩය උපුටා දක්වමින් මේ පිළිබඳ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. 

අල්ලස හා දූෂණ විරෝධී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් සංවිධානය පසුගිය 29වනදා අනතුරු හඟවමින් කියා සිටියේ මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපයන් හමුවේ පාර්ලිමේන්තුව අත්හිටුවීම දේශපාලන සූදු අන්තුවන්ට වේදිකාවක් නිර්මාණය කර ඇති බවයි. එය අල්ලස හා දුෂණයට මග පාදන්නක් බව එහි තවදුරටත් සඳහන්ව ඇත.

කෙසේ වෙතත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක වීරසේකර මේ පවතින දේශපාලන සංස්කෘතිය හා අතීත අත්දැකීම් අනුව යමින් පාර්ලිමේන්තුවේ දොරවල් වසා දැමීම දැනටමත් පක්ෂපාතීත්වය මුදලට විකිණීමේ චෝදනාවන්ට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරු ගොදුරු වෙමින් සිටීම ඛේදජනක බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදය හා මේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දිගින් දිගටම ජාත්‍යන්තරය වෙත කරුණු  වාර්තා කළ “ අල්- ජසීරා“ පුවත් සේවය රාජපක්ෂ සමඟ කළ සාකච්ඡාවක වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

අල්- ජසීරා මාධ්‍යෙව්දී බර්නාඩ් ස්මිත් පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂ සමඟ කළ සංවාදය මෙසේයි.

ප්‍ර: - ඔබ හිතනවාද ඔබේ පත්වීම නීත්‍යනුකූලයි කියලා?

පි :-  “ අනිවාාරෙන්.

“ප්‍ර :- කොහොමද පාර්මේන්තුවේ බහුතරය ලබා ගන්න මන්ත්‍රීවරුන්ගෙන් උදව් ලබා ගන්නේ?

පි :- “අපිට දැනටමත් 113ක් ඉන්නවා.

“ප්‍ර: - එහෙනම් ඇයි පාර්ලිමේන්තුව විවෘත නොකරන්නේ?

පි:- “මොකද අපිට තියෙනවා අය-වැය හදන්න.“

මීට අමතරව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය ද මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබේ. 

ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර රාජපක්ෂලා තමන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.8ක මුදලකට ආරාධනා කළ  බව අනාවරණය කළේය. කතානායක කරු ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවේදී රංගේ බණ්ඩාර මහතා මෙය අනාවරණය කර තිබුණි.  

පක්ෂය පාට මාරු කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන ගණනින් මුදල් වියදම් කර මහජන නියෝජිතයන් මෙලෙස බිලි බා ගැනීම ශ්‍රී ලංකාවේ  එතෙක් මෙතෙක් සිදු කළ විශාලතම ලන්සු තැබීම ලෙස කිව හැකිය. රටක් විදියට ඉදිරියට යාමට අපමණ අගයක් ඉල්ලූ සිරිසේන ජනාධිපතිවරයා අහක යන නාග රාජයෙක් සිය ඇඳුමේ දමාගෙන තිබේ.

නමුත් ඒ නාග දෂ්ඨනයේ වේදනාවෙන් දැන් කනෝ කනෝ කියන්නට වී තිබෙන්නේ මුළු මහත් ශ්‍රී ලංකාවටමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න