අතුරේ වැඩිය රතන ගෙදර ?

අතුරේ වැඩිය රතන ගෙදර ?

එක්සත් ජාතික පෙරමුණ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි එකී පක්ෂයට විරුද්ධව කටයුතු කරන බවට ගත් තීන්දුවත් සමග ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයන් අද (04) තීරණය කර ඇතැයි වාර්තා වේ.

2015 අගෝස්තු 16 වෙනිදා පැවැති මහ මැතිවරණ ප්‍රතිඵල අනූව එක්සත් ජාතික පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් එකක් එවකට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු හෙළ උරුමය නියෝජනය කළ අතුරලියේ රතන හිමිට ලබාදීමට තීරණය විය. ඒ අනුව එතැන් පටන් මේ දක්වා ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙනි.

ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය හමුවේ ඔහුගේ ක්‍රියාකාරීත්වය පක්ෂයේ අරමුණු හා ප්‍රතිපත්තිවලට පටහැනි ආකාරයෙන් යුත්ත බව මේ වනවිට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර ඇති තත්ත්වය හමුවේ තවදුරටත් ඔහු එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් තබාගැනීම නොකළ යුතු බවට පාක්ෂිකයන් විසින් පක්ෂ නායකයන් වෙත බලපෑම් කර ඇත.

ඒ අනුව ඉතා ඉක්මණින් නීතිමය වශයෙන් කටයුතු සිදුකොට අතුරලියේ රතනගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයන් තීරණය කොට ඇත.

(sathhanda.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න