ඒකාබද්ධ විපක්ෂයේ සිට ඉදිරිපත් කළ සටන් පාඨ ඒ ආකාරයටම ක්‍රියාවට නැංවිය යුතු බවත් ඒ අනුව පළමුව සිංගප්පූරුව - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අත්හිටුවීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කුමන්ත්‍රණ ආණ්ඩුවට යෝජනා කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයක් සමඟ අත්සන් කර ඇති සහ දැනට සම්මුති ඇතිකරගෙන තිබෙන වෙළඳ ගිවිසුම් සියල්ල යළි සළකා බැලිය යුතු බවත් යහපාලන ආණ්ඩුවේ ආර්ථික මුලෝපායන් වැරදි බව ජනතාව තුළ තහවුරු කල හැකි වන්නේ එවිට බවට මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශකර ඇති බවද දැනගන්නට ඇත.
එම පක්ෂයේ ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉරානය ඇමරිකානු සම්බාධක නොතකා ඇමරිකා එක්සත් ජනපදය සමඟ සීතල සටනක නිරතවන බවත් ඒ ආදර්ශයට ගනිමින් ජාත්‍යන්තරයේ බලපෑම් නොතකා කටයුතු කිරීමේ ශක්තිය මේ නව ආණ්ඩුවට තිබිය යුතු බවට දැඩි ස්ථාවරයක සිට තම නායකයා කටයුතු කරන බවය.
එමෙන්ම රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට වහාම ආනයන භාණ්ඩ වාරණයක් බලපවත්වන්නට කටයුතු කළ යුතු බවත් ආණ්ඩුව එවැනි ස්ථාවරයකට සූදානම් බවට ප්‍රසිද්ධ කිරීම හරහා රට තුළ මෙන්ම විදෙස් රටවලද ආණ්ඩුවට එරෙහිව මතුව තිබෙන විරෝධය සමනය කරගත හැකි බවද ඔහු පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි.
මේ වන විටත් ඒ පිළිබඳ විමල් වීරවංශ මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුවේ සිරිසේන ජනාධිපතිව සහ අගමැති මහින්දව පෞද්ගලිකව දැනුවත් දැනුවත් කර තිබෙන බවත් දේශප්‍රේමී ආර්ථිකයකට අදාළ යෝජනා රැසක් එහිදී යෝජනා කර ඇති බවත් වැඩිදුරටත් අප ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

