ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් - ජේ.සී.  වැලිඅමුණ (වීඩියෝ)

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් - ජේ.සී.  වැලිඅමුණ (වීඩියෝ)

ව්‍යවස්ථාවේ සඳහන් කරුණක් අර්ථ නිරූපණය කිරීමේදී තමන්ට වාසිදායක කොටස පමණක් උපුටා දැක්විය නොහැකි බවත් එහිදී පාර්ලිමේන්තුව අදාළ ප්‍රතිපාදන හරහා අදහස් කර ඇත්තේ කුමක්ද යන්න මූලික වන බව ජේෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ පවසයි.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවට අනුකුළව පාර්ලිමේන්තුව විසුරවනවා නම් ඒ සිදුකළ හැක්කේ කෙසේද යන කරුණ සම්බන්ධව voicetube.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවෙම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුව සම්බන්ධව විධායකය සතුවූ අත්තනෝමතික බලතල ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් බවත් ඒ තුළ ජනාධිපතිවරයට පාර්ලිමේන්තුව විසුරවා හැරීමට තිබෙන බලතල මොනවාද යන්න පැහැදිළිව දක්වා ඇති බවද ඔහු පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවා හැරීමට බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ජන්දයෙන් කරන යෝජනා සම්මතයකින් හෝ පාර්ලිමේන්තුව විවෘත කළ පළමු දිනයේ සිට වසරකුත් මාස 6ක් ගතවූ පසුව බවද ජේෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ පෙන්වා දෙයි.

මේ වන විට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර තිබූ විවිධ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව මත පළවුවත් 19 ව්‍යවස්ථාවේ ඊට අදාළ පැහැදිළි ප්‍රතිපාදන ඇති බැවින් ඒ නොසළකා කටයුතු කිරීම ව්‍යවස්ථා උල්ලංඝනයක් බවද ඔහු අවධාරණය කරයි.

මේ සම්බන්ධව ජේෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ විසින් voicetube.lk  වෙබ් අඩවියට දැක්වූ අදහස් පහත වීඩියෝවේ දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න