කෝ මේ සිරිසේන : සෝභිත හිමියන්ගේ තුන්වන ගුණසමරුව අද (08)

කෝ මේ සිරිසේන :  සෝභිත හිමියන්ගේ තුන්වන ගුණසමරුව අද (08)

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී අදට (08)  වසර තුනක් සම්පූර්ණ වන අතර උන්වහන්සේගේ තුන්වන   ගුණ සැමරුම   අද සවස 3.00ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

යහපාලනයත් ප්‍රජාතන්ත්‍රවාදයත් මෙරට ස්ථාපිත කිරීමට නායකත්වය ගත් උන්වහන්සේ 2015 නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේදී අපවත් වූහ. 

තමා ජීවිතයෙන් සමුගන්නට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු දක්නට ලැබීම සැනසිල්ලට කරුණක් වන බව උන්වහන්සේ කිහිපවරක් ම ප්‍රකාශ කළහ. එසේම උන්වහන්සේගේ දේහය ඉදිරියේද ජනාධිපති සිරිසේන සපථ කර සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවය.

නමුත් උන්වහන්සේගේ අපවත් වීමෙන් වසර තුනක් සම්පූර්ණ වන විට සිරිසේන ජනාධිපතිවරයා යහපාලනයට ද පයින් ගසා විධායක ජනාධිපති ක්‍රමයේ බලය අසීමිත අයුරින් භාවිතා කරමින් සිටියි. එපමණක් නොව ඉතිහාසයේ කිසිඳු ජනාධිපතිවරයෙක් සිදුනොකළ ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් දරුණු ආඥාදායකත්වයක් වෙත රට ඇද දැමීමේ උත්සාහයක නිරතව සිටියි. අමු අමුවේ යහපාලන මුලධර්ම උල්ලංඝනය කරමින් සිටියි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමක දී ගුණ සමරු සංවිධායකයන් ප්‍රකාශ කළේ සෝභිත නාහිමිගේ දේහය අසල වූ පොරොන්දුව පවා අමු අමුවේ බිඳ දැමු සිරිසේන ජනාධිපතිවරයාට මෙම ගුණ සැමරුමට සහභාගී වීමේ සධාචාරාත්මක අයිතියක් නැති බවයි.

කෙසේ නමුත්, යහපාලනයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අගය කරන සියළු ශ්‍රී ලාංකිකයන් වෙත  සෝභිත නාහිමි ගුණ සමරුව සඳහා සහභාගී වීමට ආරාධනා කරන බව ද ඔවුන් පවසයි.

45617316 2131131583596960 4386798597346164736 n

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න