වෙල්ගම මැතිඳ හෙට තනියම සභාවේ !

වෙල්ගම මැතිඳ හෙට තනියම සභාවේ !

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා ඡන්දය ලබාදෙන නමුත් නව රජයට එක්වීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත් ඉදිරියේදී තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මතුකර ඇති දේශපාලන අර්බුදය හමුවේ තම ස්ථාවරය මාධ්‍ය හමුවේ තබමින් මන්ත්‍රීවරයා ඊයේ (07) මේ බව සඳහන් කල අතර  තමන් 2015 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් නැගිට ආවේ මෛත්‍රීපාල සිරිසේන සමඟ කිසිම ගනුදෙනුවක් නොකරන බව පවසමින් බවත් එවැනි පසුබිමක තමන්ට රෙද්දක් ඇඳගෙන නැවත ඒ වෙත යානොහැකි බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

එසේම තමන් මහින්ද රාජපක්ෂ මහතාට නැවත බලය ලැබීම ගැන සතුටු වන නමුත් රට ගැන සිතා දුක්වෙන බව පවසා ඇති මන්ත්‍රීවරයා රට අකාර්යක්ෂම වී දිනෙන් දින අගාධයට වැටෙන බවත් ඊට හේතුවී ඇත්තේ රටේ අගමැතිවරුන් දෙදෙනෙකු සිටීම බව ද පෙන්වාදී තිබේ.

 නීත්‍යානුකූල අගමැතිවරයා කවුරුන්දැයි ප්‍රශ්න කරමින් සිටිනවා විනා අද රජයේ කාර්යාලවල වැඩකටයුතු සිදු නොවන බවද අවධාරණය කර ඇති මන්ත්‍රීවරයා තව වසරක් ඉවසුවා නම් මීට වඩා වැදගත් ආකාරයට බලය ලබාගන්නට තම පාර්ශවයට හැකියාව තිබු බවද පවසා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න