රතු කුරුස සංවිධානයටත් වාරණයක් !

රතු කුරුස සංවිධානයටත් වාරණයක් !

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට පසුගිය සති දෙක තුළ මෙරට බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථාන වලට ප්‍රවේශවීමේ අවස්ථාව ලැබී නැතැයි වාර්තා වේ.

මෙසේ ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දී නැත්තේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ආරක්ෂක හා රඳවා ගැනිම පිළිබඳ කණ්ඩායම් සහ ජල සහ වාසභුමී පිළිබඳ කණ්ඩායම්  (Protection and detention teams & Water and Habitat teams) සඳහායි.

මේ අතර සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් ක්‍රියාධරයන් සඳහන් කර සිටින්නේ ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන සඳහා අවස්ථාව ලබා දීම සාමාන්‍ය සම්ප්‍රදාය වුව ද  රතු කුරුස සංවිධානය සඳහා සති දෙකකට ආසන්න කාලය  පුරා අවසර ලබා නොදීම සැකසහිතය.  විශේෂයෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව හමුවේ මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න