පළමු තීරණයේ කිසිම වෙනසක් නෑ : TNA සිරිසේනට දන්වයි !

පළමු තීරණයේ කිසිම වෙනසක් නෑ : TNA සිරිසේනට දන්වයි !
දෙමළ ජාතික සන්ධානය මගින් දැනට ප්‍රසිද්ධියට පත්කර ඇති තීරණ වෙනස් කළ නොහැකි නමුත් දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා සෙසු දේශපාලන පක්‍ෂවල සහයෝගය ඇතිව ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට පූර්ණ සහාය දෙන්නේයැයි දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (07) දැනුම් දුන් බව එහි ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛක්කලනාදන්, ඩී. සිද්ධාර්ථන්, සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු  ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා හමුවූහ. මෙම හමුව සිදුවූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුවය. ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් පිරිස අතර හමුව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවතුණි. 
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරිණි. තමන් ගත් තීරණ සහ ඒවාට හේතු වූ කරුණු ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ගන්නා ලද තීරණ සහ ඒවාට හේතු වූ කරුණුද අපේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට පැහැදිලි කරනු ලැබීය. එම තීරණ දැනටමත් ප්‍රසිද්ධියට පත්ව ඇති බවත් රටේ සියලු දෙනාත් ලෝකයත් එම තීන්දු තීරණ ගැන පත්වී අපි ජනාධිපතිවරයාට පැහැදිලි කළෙමු. දෙමළ ජාතික සන්ධානය ගත් තීරණ වෙනස් කළ නොහැකි බවත් අපි එම  තීරණවලට අනුව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයාට දැන්වූවෙමු.
අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහයෝගය දෙන බවද අපි එහිදී ජනාධිපතිවරයාට දන්වා සිටිමු. ඒ සඳහා හැකි ඉක්මනින්, හැකිනම් ප්‍රකාශ කළ දිනයට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෙමු.
අපේ ඉල්ලීම ඉතා ඕනෑකමින් සලකා බලන බව ජනාධිපතිවරයා අපට දන්වා සිටියේය.‘‘

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න