කුමන්ත්‍රණ ආණ්ඩුවේ නින්දිත හැසිරීම ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට

කුමන්ත්‍රණ ආණ්ඩුවේ නින්දිත හැසිරීම ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට

ශ්‍රී  ලාංකිකයන් අද  ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් සඳහන් කර ඇත. 

පාර්ලිමේන්තුවේ අද  (16) ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා එම කරුණු සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ. 

“ශ්‍රී ලංකාව පුරා සිටින ඡන්ද දායකයන් පාර්ලිමේන්තුවට සාමාජිකයන් පත් කරනු ලැබුවේ වැදගත් රාජකාරියක් වෙනුවෙන්. එහෙත් ශ්‍රී ලාංකිකයන් අද නැවත වරක් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම දුටුවා. එය ඔවුන්ට කිසිසේත් සුදුසු නැහැ. එමෙන්ම පාර්ලිමේන්තුව උතුම් ආයතනයකට ගැලපෙන්නේ නැහැ.  පාර්ලිමේන්තුවක සාමාජිකයන් විසින්ම එහි කටයුතුවලට බාධා කරන විට කිසිදු පාර්ලිමේන්තුවකට එහි කාර්යභාරය ඉටු කරන්න බැහැ”යනුවෙනි. 

මේ අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද, ජපන්, ඉන්දීය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නියෝජිතයන් සිංගප්පූරුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව ප්‍රශ්න විසඳා ගැනීමට ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. 

Capturebr 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න