"රනිල් එක්ක කොයි විදියටවත් ආණ්ඩුවක් කරන්නේ නෑයි ජනාධිපති කීවා" - ලක්ෂමන් යාපා

  "රනිල් එක්ක කොයි විදියටවත් ආණ්ඩුවක් කරන්නේ නෑයි ජනාධිපති කීවා" - ලක්ෂමන් යාපා

සිකුරාදා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

එමෙන්ම ඔවුන් බහුතරය පෙන්වූ ආකාරය ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරයා විසින් පත්කර සිටි ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් bbc 1යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය.

"රනිල් වික්‍රමසිංහ එක්ක කොයි විදියටවත් ආණ්ඩුවක් කරන්නේ නෑ කීව. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අපිට වැඩ ටික කරගෙන යන්න කීව," ඔහු පැවසීය.

ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදීය. තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ යයි ඉදිරි දින තුන ඇතුළත පෙන්වන මෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සිය පාක්ෂිකයන්ට උපදෙස් දී තිබේ.

රනිල් වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකාවේ වත්මන් අගමැතිවරයා නොවන බව සඳහන් කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා, ඔහු යළි අගමැති පදවියට පත්කිරීම ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාශය නොවන බවත් කියා සිටියේ මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී "විනයක් ඇතිව,නීති රීතිවලට අනුකූලව සහයෝගයෙන් ක්‍රියාකරන" මෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන් බවය.

බීබීසී

තවමත් රට පාලනය කරන්නේ තමන්ගේ ආණ්ඩුව බවත් ලක්ෂමන් යාපා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ

මේ අතර ශ්‍රී ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ ද සමග සාකච්ඡා කොට ලබන වසරේ ජුනි මාසයට ප්‍රථම මහ මැතිවරණයක් කැඳවීමට ක්‍රියාකරන බව ජනාධිපතිවරයා විසින් බලයෙන් පහකරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

 104372143 ranilwinternationalmediaජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට එරෙහි දෙවෙනි විශ්වාසභංග යෝජනාව ද සිකුරාදා (16) පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් අනතුරුව විදේශීය මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායකයා, තමන් බලයෙන් පහකරන ලද ඔක්තෝබර් 26 වෙනි දින සිටම තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන බව කීපවරක්ම කියා සිටියේය.

ආසියාවේ පැරණි ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ලෙසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කරගෙන සිටි බව පවසන එක්සත් ජාතිකbbc පක්ෂයේ නායකයා, පසුගිය සති කීපය තුළ සිදුවූ ක්‍රියාදාමය විස්තර කළේ පාර්ලිමේන්තු පද්ධතියට එල්ලවූ පහරක් ලෙසිනි.

"ඒ ගැන මම කම්පාවට වගේම කනගාටුවට පත්වෙනවා."

ජනාධිපතිවරයාගේ දැනුම් දීම පරිදි විශ්වාසභංග යෝජනාව සිකුරාදා පාර්ලිමේන්තුවේදී නැවත සම්මත වූ බව කතානායක කරු ජයසූරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

කියවන්න:පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට මන්ත්‍රීවරුන් පිරිසකගෙන් බාධා"අපිට මේ අරාජික තත්වය තවදුරටත් බලා ඉන්න බෑ. අපිට බහුතරය තියෙනවා. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ නීත්‍යානුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි. අපිට ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්." රනිල් වික්‍රමසිංහ පැවසීය.

කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද ලිපියට ප්‍රතිචාරයක් බලා සිටින අතර, අවශ්‍ය නම් යළිත් වරක් ජනාධිපතිවරයා මුණගැසීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සූදානම් බව ද විදේශීය මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ පැවසීය.

"ඕනෑම වේලාවක හමුවෙන්න අපේ පක්ෂ නායකයන් සූදානම්. අපිට අනෙක් සියලු දේ කතා කරලා විසඳගන්න පුළුවන්. නමුත් රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම අපි බව පිළිගන්න ඕනේ," ඔහු පැවසීය.

"ඒක නොපිළිගන්නා තුරු රටේ අරාජික තත්ත්වයක් තියේවි. අපිට අරාජික තත්ත්වයක් අවශ්‍ය නෑ."

මහ මැතිවරණයක් කැඳවීම ගැන වැඩිදුරටත් කරුණු විස්තර කළ බලයෙන් පහ කෙරුණු අගමැතිවරයා, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමග මුලින්ම සාකච්ඡා කරන බවත් සඳහන් කළේය.

ඉන්පසුව ලබන ජුනි මාසයට ප්‍රථම මහා මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගැනීම ඔහුගේ අදහස වී තිබේ.

ආර්ථිකය යළිත් යථා තත්වයට ගැනීම පිණිස සිය ආණ්ඩුවට මාස කීපයක කාලයක් අවශ්‍ය බව සඳහන් කළ ඔහු, ඉන් අනතුරුව ජනතාව හමුවට යාම සිය අභිලාෂය බවත් කියා සිටියේය.

සිකුරාදා පාර්ලිමේන්තුවේ සිදු වූ පහරදීම් "ඉතාම නරක," බව විදේශීය මාධ්‍යවේදීන් හමුවේ කියා සිටි රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවේ "පාර්ලිමේන්තුවට බෝම්බ හැහුව දවසේ පවා මම හිටියා. ඒත් මේ වගේ දවසක් මම දැකල නෑ," යනුවෙනි.

සිකුරාදා හටගත් ගැටුම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ "අඳුරු දිනයක්" පමණක් නොව "අඳුරු පරිච්ඡේදයක්" බව ද රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

බීබීසී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න