පැය 24ක් තුළ පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍ය 113 න සකසාගෙන තමන්ට දැනුම්දෙන ලෙස කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දට දන්වා සිරිසේන ජනාධිපති පොළොන්නරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ඊයේ (16) කුමන්ත්‍රණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ ජනාධිපති සිරිසේන මේ බව පවසා ඇති බවය.
පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ අනෙත් සියළු පක්ෂ එක පෙරමුණක් ලෙස සිටීම හමුවේ තමන් දැඩි පීඩනයක් යටතේ පවතින තත්ත්වයට මුහුණදී ඇති බවත් දිගින් දිගටම එක්සත් ජාතික පෙරමුණේ බහුතරය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම දුෂ්කර කටයුත්තක් බවද ජනාධිපති සිරිසේන එහිදී සඳහන් කර ඇත.
ඒ අනුව නැවත වරක් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම වෙනුවෙන් රාජපක්ෂ පාර්ශවය මන්ත්‍රීවරුන් වෙත ලංසු තබමින් සිටින බවත් දැනගන්නට ඇත.
ඊයේ (16) රාත්‍රියේ සිට එම මන්ත්‍රී වෙන්දේසිය ආරම්භ කර ඇති අතර මේ වන විටත් ඒ වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මිල ගණන් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි. එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ මේ වන විට මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීම වෙනුවෙන් වන අල්ලස් මුදල් දෙගුණ කර ඇති බවය.
එසේම නාමල් රාජපක්ෂ සමඟ එකතුව මුදල් විශුද්ධිකරණය කිරීම (කළු සල්ලි සුදු කිරීම ) සම්බන්ධව චෝදනා ලබා පසුව රජයේ සාක්ෂිකරුවෙකු වූ ජාවාරම්කාර ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් අදාළ මන්ත්‍රී පිල් මාරු සඳහා වියදම් කිරීමට සූදානමින් සිටින බවත් දැනගන්නට ඇති අතර ඒ පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

