කෙසේ වුවත් නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ආපසු හරවා යවා සිවින් ඇඳුමින් අධිකරණයට පැමිණෙන ලෙස දන්වා ඇති අතර එතෙක් නඩුව පස්වරු 2.30 තෙක් කල්තබා ඇති බවද වාර්තා වෙයි.
නිල ඇඳුමින් අධිකරණයට පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සිවිල් ඇඳුමින් සැරසී ඒම සඳහා පිටත්ව යන අවස්ථාවේ සිවිල් ඇඳුමින් සිටි පිරිසක් එම අවස්ථාව ආවරණය කිරීමට බාධාකර ඇති බවත් දැනගන්නට ඇත. එහිදී එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදියකුට සිවිල් ඇඳුමින් සිටි මැරයෙකු පහරදී ඇති අතර පසුව ඒ සම්බන්ධව මාධ්‍යවේදීන් සාමුහිඛ විරෝධයක් දැක්වීම හේතුවෙන් එම සිවිල් ඇඳුමින් සිටි පුද්ගලයා එම ස්ථානයෙන් පළායන්නට උත්සාහ කර ඇත.
එහිදී මාධ්‍යවේදීන් ඔහු පසුපස හඹා යන අතර පසුව පොලිසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වුවත් මේ වන විට වාර්තා වන්නේ එම අත්අඩංගුවට පත්වූ මැරයා රවීන්ද්‍ර විජේගුණරත්නගේ සහචරයකු වන බවය. එසේම ඔහු නාවික හමුදා බුද්ධි නිලධාරියකු බව සඳහන් කරමින් වහාම ඔහුව නිදහස් කරන ලෙස රටේ ඉහළම තැනක විධානයක් අනුව පොලිසියට බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද වාර්තා වෙයි.
කුමන්ත්‍රණ ආණ්ඩුවේ මැරයන්ගේ පළමු ගුටි පූජාව දෙරණ දිලිත්ගේ මාධ්‍යවේදියාට !
මෙම මැරයාගේ පහරදීමට ලක්වුයේ දිලිත් ජයවීරට අයත් දෙරණ මාධ්‍ය ජාලයේ සන්ඩේ මෝර්නින් පුවත්පතේ ඉන්දික හඳුවෙල මාධ්‍යවේදියාය.
යහපාලන ආණ්ඩුවේ වැඩිපුර වැරදි වාර්තා කළ පෞද්ගලික නාලිකාවක් වූ දෙරණ මාධ්‍යවේදියකුම එම පහරකෑමට ලක්වීම දෛවයේ සරදමක් ලෙස අප දකින්නේ නැත. ඒ වෙනුවට අප සිහිකරන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුව දැන් වැඩ අල්ලා ඇති අපූරුව පමණක් සිහියට ගන්නා ලෙසය.



