වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත්කර තිබෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද (28) නිල ඇඳුම් සහිතව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති නමුත් මෙතෙක් ඔහුව අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.
අද අධිකරණයට පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ආරක්ෂාව සඳහා නාවික හමුදාවේ සිවිල් ඇඳුමින් පැමිණි විශාල භට කණ්ඩායමක් යොදවා ඇති බවත් ඒ අතර නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ද සිටින බවත් වාර්තා වෙයි. එම භට කණ්ඩායම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාව ආවරණය කිරීමට මාධ්‍ය වෙත ඉඩනොදෙමින් කටයුතු කරන බවත් ඔහුව ආවරණය කිරීමට සූදානම් වූ මාධ්‍යවෙදීයකුට පහරදීමටද එම සිවිල් ඇඳුමින් සැරසුණු නාවුක සාමාජිකයන් කටයුතු කර ඇති බවත් දැනගන්නට ඇත.
එසේම එම පහරදීම සිදුකල සිවිල් ඇඳුමින් සිටි මැරයන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.
රවීට ඇප දෙන්න නීතිපතිගෙන් මෙහෙයුමක් !
මේ අතර විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ අධිකරණයට ඉදිරිපත්වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට අද දිනයේම ඇප ලබාදීමේ සූදානමක් පවතින බවය. ඒ ඊයේ (27) නීතිපතිවරයා සහ ආරක්ෂක මණ්ඩල ප්‍රධානියා අතර සිදුව ඇති හමුවක ප්‍රතිඵලයක් ලෙසය. කුමන්ත්‍රණ ආණ්ඩුවේ ඉහළම තනතුරක අදිසි මැදිහත්වීමෙන් මෙම හමුව ඊයේ සිදුව ඇති අතර එහිදී අද දිනය තුළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට ඉදිරිපත්වූ වහාම ඇප නිකුත්කරවා ගැනීම වෙනුවෙන් නින්දිත සැළැස්මක් තීන්දුකර ඇති බවත් ඊට අදාළ ලිපි ලේඛන මේ වන විටත් නීතිපතිවරයා මැදිහත්වී සකසා ඇති බවත් දැනගන්නට ඇත.
ලැබී ඇති වැඩිදුර තොරතුරු වලට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මෙතෙක් අධිකරණ නියෝග මත ක්‍රියාකර නොමැති බැවින් ඔහුට ඇප ලබාදීමක් සිදුකල නොහැකිය. එහෙත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අදිසි හස්තයේ මැදිහත්වීම හමුවේ එවැන්නක් සිදුනොවීමේ අවධාමනක් ඇති අතර නාවුක හමුදා භට පිරිස් සිවිල් පිට අධිකරණයට එවා ඇත්තේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සිය නිල ඇඳුමින් පැමිණ ඇත්තේද ඒ අනුව බවත් වාර්තා වෙයි.

