මාධ්‍යවේදියාට පහරදුන් මැරයාගේ වතගොත හෙළිවේ !

මාධ්‍යවේදියාට පහරදුන් මැරයාගේ වතගොත හෙළිවේ !

අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සිවිල් ඇඳුමින් සැරසී පැමිණ  ඉන්දික හඳුවල මාධ්‍යවේදියාට පහරදී ඇත්තේ ගොඩේකංකානම්ගේ අජිත් රංගන සිල්වා නැමැත්තා බව වාර්තා වෙයි.

මොහු නාවික හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු වන අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනියුක්තව සේවය කර තිබේ.

ඒ අනුව පෙන්නුම් කරන්නේ යළිත් වතාවක් ආරක්ෂක හමුදා නිලධාරීන් දැනුවත්ව නීති විරෝධී කටයුතු සඳහා යොමුකිරීමේ රාජපක්ෂලා අනුගමනය කළ නින්දිත කටයුත්ත ආරම්භවී ඇති බවය.

ඔක්තෝබර් 26 වනදා කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවා තවමත් ගතව තිබෙන්නේ මාසයකුත් දින දෙකක් පමණි. දැන් වන විටම පරණ සෙල්ලම් ආරම්භවී ඇති අතර කුමන්ත්‍රණ ආණ්ඩුව යන මාවතද ඒ තුළ පැහැදිළිය.

වඩාත් අවාසනාවන්ත සහ කවුරුත් සිහිතබාගත යුතු වැදගත් කරුණක්ද ඇත. ඒ පහරකෑමට ලක්වූ මාධ්‍යවේදියා දිලිත් ජයවීරගේ සභාපතිත්වයෙන් යුතු  දෙරණ මාධ්‍ය ජාලයට අයත් the sunday morning පුවත්පතේ සේවය කිරීමය.

ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය මර්දනය දියත් කිරීමේදී තෝරාබේරා ගැනීමක් සිදුනොකරන අතර ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් පූර්වයේ වූ ඕනෑම කොන්දේසියක් ඊට අදාළ නොවන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න