අධිකරණ කටයුතු වාර්තාකරණයේ නියලුන මාධ්‍යවේදීන්ට අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී දියත්වූ ප්‍රහාරය හෙළාදකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
ඒ සම්බන්ධව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරුගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කර ඇත.
එහි මෙසේද සදහන් වේ.
"තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර ගුණරත්න මහතා, අධිකරණය මගින් කල නියෝගයට අනුව අද කොළඔ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ඔහුගේ ආරක්ෂකයින් විසින් සිදුකරන ලද පහර දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.
මහජනතාවට තොරතුරු වාර්තාකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව එම කටයුතුවල නියැලීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු මුලික අවශ්‍යතාවයකි.බලධාරීන්, එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය කිරීමෙන් හා ඊට පරිසරය සැකසීමෙන් වැලකි සිටිය යුතු බව අපි දැඩිව අවධාරණය කරමු.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත්කළ සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

