පසුගියදා කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය පළකරමින් එක්සත් ජාතික පෙරමුණේ සිට පිල්මාරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ අද (29) යලිත් එක්සත් ජාතික පෙරමුණට එක්වීමට සූදානම් බව වාර්තා වෙයි.
අද ඔහු ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරිමට අපේක්ෂාවෙන් සිටින බවත් දැනගන්නට ඇත.
එසේම එක්සත් ජනතා නිදහස් සන්ධායේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ද අද කුමන්ත්‍රණ ආණ්ඩුවට විරෝධය පලකර එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය පලකර එක්වීමට නියමිත බවත් වාර්තා වෙයි.
කුමන්ත්‍රණ ආන්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු අමාත්‍ය මණ්ඩල වැය ශීර්ෂ කපාදැමීම වෙනුවෙන් පසුගියදා ඉදිරිපත් කල යෝජනාවට අදාල ජන්ද විමසීමද අද පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිත අතර එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන තවත් මන්ත්‍රී කණ්ඩායමක් සිදුව තිබෙන දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට සහය දක්වමින් ඊට එක්වීමේ අපේක්ෂාවෙන් සිටින බවද දැනගන්නට තිබේ.

