කුමන්ත්‍රණ ආණ්ඩුව අදත් පාර්ලිමේන්තුවෙන් පලායයි : සිරිසේන සමඟ සාකච්ඡාවකට විජේදාසගෙන් යෝජනාවක් !

කුමන්ත්‍රණ ආණ්ඩුව අදත් පාර්ලිමේන්තුවෙන් පලායයි : සිරිසේන සමඟ සාකච්ඡාවකට විජේදාසගෙන් යෝජනාවක් !

කුමන්ත්‍රණ ආණ්ඩුව නියෝජනය කරන සුළුතර මන්ත්‍රී පිරිස  අද (29) දිනයේත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව වාර්තා වෙයි. 

එසේම ඔවුන් අද පාර්ලිමේන්තු සභා කටයුතු ඇරඹීමට පෙර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම සඳහාද සහභාගීවුයේ නැත.

අගමැතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී  අද පැවැත්වීමට නියමිත අතර ඊට මුහුණදීමට නොහැකිව මෙසේ පාර්ලිමේන්තුව මඟහැර ඇති බව පැහැදිළිය.

කතානායකතුමනි, සිරිසේන ජනාධිපති එක්ක සාකච්ජා කරන්න - විජේදාස 

මේ අතර අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන්කර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බහුතර බලයක් පෙන්විය හැකි කුමන හෝ කණ්ඩායමකට ආණ්ඩුවක් ගෙන යාමට අවස්තාව ලබා දෙන ලෙස කථානායකවරයා ඉල්ලා සිටින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන් ඒ සම්බන්ධව ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බවත් මෙම දේශපාලන අස්ථාවරත්වය තුළ ජයග්‍රහණය ලබන කිසිදු නායකයෙක් නොමැති බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය පාලනය කිරීමේ මුලික වගකීම කථානායකවරයා සතු වන බවද සඳහන් කල මන්ත්‍රීවරයා  ඒ බව අවධාරණය කර ගැනීමට අවශ්‍ය නිසා තමා අද දිනයේ දී සභාව ඇමතු බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාකර ඉදිරි දින කිහිපය තුළ මෙම ප්‍රශ්නය විසඳාගන්නට හැකියාව ඇති බව තමන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න