කුමන්ත්‍රණ ආණ්ඩුව වියදම්කර හමාරයි :  යෝජනාවට පක්ෂව ජන්ද 123 යි !

 කුමන්ත්‍රණ ආණ්ඩුව වියදම්කර හමාරයි :  යෝජනාවට පක්ෂව ජන්ද 123 යි !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී  පක්ෂව  ඡන්ද  123ක් ලබා සම්මත විය.

එම යෝජනාවට විරුද්ධව එක ඡන්දයක්වත් නොලැබුණ අතර  ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 123කින් සම්මත කළ බව කතානායක කරු ජයසූරිය  නිවේදනය කළේය. 

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

මේ අතර පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයට සමඟ එක්තු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාද  යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය නවීන් දිසානායක මන්ත්‍රීවරයා එය ස්ථිර කළේය.

එසේම අද දින  කුමන්ත්‍රණ ආණ්ඩුවේ  මන්ත්‍රීවරුන් අතරින්  විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පමණක් පාර්ලිමේන්තුවේ  ආණ්ඩු පක්ෂ පාර්ශවයේ අසුන්ගෙන සිටියේය.

පාර්ලිමේන්තුවේ අද සම්මත කළ යෝජනාව පහත දැක්වේ.

231

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න