රවීට ඇප ගන්න : මහින්ද - හේමසිරි ගහපු ගේම වතුරේ !

රවීට ඇප ගන්න : මහින්ද - හේමසිරි ගහපු ගේම වතුරේ !

අද (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව එළඹෙන දෙසැම්බර් 05 වනදා දක්වා රිමාන්ඩ් බන්ධාගාරගත කෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණතිලකට අද දිනයේම ඇප ලබාදී නිදහස් කරන්නට දියත්වූ දේශපාලන බලහත්කාරයක්  සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ සහ  ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මේ පිටුපස සිටි බවයි වාර්තා වන්නේ.

රවීන්ද්‍ර විජේගුණරත්න බන්ධනාගාරයට ගෙනයන අවස්ථාව !

ravindra w 1000px

වාර්තා වන ආකාරයට රවීන්ද්‍ර විජේගුණරත්න කිසිසේත් අද දිනයේ  බන්ධනාගාරගත නොකරන ලෙස  මහින්ද රාජපක්ෂ මහතා සෘජුවම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  නියෝග කර ඇත.ඒ අනුව යමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සැකකරුට කෙසේ හෝ  ඇප ලබාදීමේ වගකීම ගෙන ඇති අතර අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරන ලෙස ඊයේ (27) දිනයේ නීතිපතිවරයාට දන්වා තිබෙන බවද වාර්තා වෙයි.

අනතුරුව සැකකාර රවීන්ද්‍ර විජේරත්න විසින්  පසුගිය 25 වනදා මෙම නඩුවේ  සාක්ෂිකරුවෙකුවූ ලුතිනන් කමාන්ඩර් ලක්සිරිට ගිනි අවි අමෝරා මරණ තර්ජනය කිරීමට අදාළ පැමිණිල්ල අද දිනයේ අධිකරණයට ලබානොදෙන ලෙස පොලිසියට නියෝග කරන්නටද හේමසිරි ප්‍රනාන්දු කටයුතු කර තිබෙනවා.

මීට අදාළ පුවත් පහත සබැඳියෙන්.

තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීම නඩුවේ සාක්ෂිකරුවන්ට : රවීගේ සහචරයන් පහරදීලා !

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් මරණ තර්ජන : සාක්ෂිකාර ලක්සිරි නාවුක හමුදාවෙන් සමුගනී !

වාර්තා වන ආකාරයට එහිදී කොටුව පොලිසියේ ස්ථානාධිපතිට මෙන්ම කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පතිනායක  අමතා හේමසිරි ප්‍රනාන්දු මේ  නියෝග නිකුත්කර තිබේ. 

එසේම අද රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හට පහරදුන් සිවිල් ඇඳුමින් සැරසුණු මැරයන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔවුන්ව මුදවා හැරීමට නිමල් පතිනායක යොදවා බලපෑම් කර ඇත්තේද හේමසිරි ප්‍රනාන්දු බවද දැනගන්නට ඇත.

නමුත් විනිසුරුවරයාගේ සෘජු තීන්දුව හමුවේ මහින්ද රාජපක්ෂ සහ හේමසිරි ප්‍රනාන්දුගේ මේ  උත්සාහය ව්‍යර්තව ගොස් ඇති අතර එහෙත් එයින් නොනැවතුණු ඔවුන් අද දිනයේ මෙරට මාධ්‍ය වෙත දන්වා ඇත්තේ  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා බන්ධනාගාර ගතකිරීම  අධිකරණය මඟ හැරීම නිසා ලබාදුන් නියෝගයක් ලෙස වාර්තා කරන ලෙසයි.

නමුත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ මේ මිලේච්ච් පුද්ගලයන් සමාජයෙන් සඟවන්න හදන යතාර්ථය ඊට සහමුලින් වෙනස්ය. පහත වීඩියෝව ඊට සාක්ෂි දරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න