තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීම නඩුවේ සාක්ෂිකරුවන්ට : රවීගේ සහචරයන් පහරදීලා !

තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීම නඩුවේ සාක්ෂිකරුවන්ට : රවීගේ සහචරයන් පහරදීලා !

කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැගවී සිටීමට සහයෝගය ලබා දීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඉදිරිපිටදීම ඔහුගේ සහචරයන් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වෙයි.

ඔහු මේ සම්බන්ධයෙන් කොළඹ - කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද  විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

අදාළ චෝදනාව සම්බන්ධව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්න අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් අවස්ථාව ඇතත් ජනාධිපති සිරිසේනගේ මැදිහත්වීම මත එය වැළකී ගොස් තිබේ. 

එසේම මේ වන විට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්නට දැනුම්දී ඇතත් දිගින් දිගටම එය මඟහැර කටයුතු කරමින් සිටියි.

නොවැම්බර් 27 CID එන්නැයි රවීට  නැවත කැඳවීමක් : 109 යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

එහෙත් නොවැම්බර් 27 වනදා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්න වෙත යළිත් දන්වා ඇති බවත් වාර්තා වෙයි.

එසේම ආරක්ෂක මාණ්ඩලික නිළධාරී රවී විජේගුණවර්ධනට චෝදනා වලින් පැන යාමට ඉඩ නොදි ඔහුව කෙසේ හෝ අදාල චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණවීම සඳහා රහස් පොලිසිය කටයුතු කරමින් සිටින බවද  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අපරාධ විධිවිධාන සංග්‍රහයේ 109 වන වගන්තිය යටතේ ඔහුව අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවද ඒ සම්බන්ධව ලැබෙන වැඩිදුර තොරතුරු මුලාශ්‍ර සඳහන් කරයි.

මෙහිදී අමතක නොකළ යුතු කරුණු කිහිපයක් ඇත. ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්නට එරෙහිව  සාක්ෂි ඇතිනම් අත් අඩංගුවට ගැනීමේ අවසරය මීට පෙර කො‍ටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබීමය.  එහෙත් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට පසුගියදා ස්ථාන මාරුවක් ලබා දීමට ඉහළින් නියොගයක් ලබා දී තිබිණි. එසේම මෙම පරීක්ෂණ කටයුතු සිදු කළ රහස් පොලීසියේ නිශාන්ත සිල්වාව රහස් පොලිසියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඒ අනුව ඔහුට ස්ථාන මාරුවක් ලබාදුන්නත් ජාතික පොලිස් කොමිසමේ මැදිහත්වීම හේතුවෙන් ඒ නින්දිත උත්සාහය ව්‍යර්තව ගියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න