මාධ්‍ය මර්දනයේ රාජපක්ෂ මෙහෙයුම යළිත් : වැඩ ඇල්ලීම ස්වර්ණවාහිනීයෙන් !

මාධ්‍ය මර්දනයේ රාජපක්ෂ මෙහෙයුම යළිත් : වැඩ ඇල්ලීම ස්වර්ණවාහිනීයෙන් !
කුමන්ත්‍රණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් ආවරණය කිරීමට ගිය ස්වර්ණවාහිනී මාධ්‍ය කණ්ඩායමට එම ස්ථානයේ රැඳී නොසිට ඉවත්ව යන ලෙස මාධ්‍ය හමුව සංවිධානය කළ පිරිස තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.
 
මෙසේ ස්වර්ණවාහිනී නාලිකාවට අදාළ මාධ්‍ය හමුව වාරණය කිරීමට සංවිධායකයන් පියවර ගෙන ඇත්තේ එම නාලිකාව සඳහා එල්ටීටීඊ ඩයස්පෝරාවට සම්බන්ධ ආයෝජකයකු මුදල් ආයෝජනය කර ඇති බවට චෝදනා කරමින්ය.
  
එහිදී සිය මාධ්‍ය කටයුත්ත සිදුකිරීමට ඉඩනොදීම සම්බන්ධව ආයතනයේ මාධ්‍යවේදීන් බලවත් දුෂ්කරතාවට පත්ව ඇති බවද වාර්තා වෙයි.
 
ප්‍රශ්නයට විසඳුම රාජපක්ෂ ක්‍රමයට !
 
කෙසේ නමුත් මේ ප්‍රශ්නය සම්බන්ධව පසුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දගේ මාධ්‍ය කටයුතු සංවිධානය කරන පිරිස් අපූරු ආකාරයට විසඳාගන්න යෝජනා කර ඇති බවද වාර්තා වෙයි. ඒ ආණ්ඩුව අපහසුවට පත්වන ආකාරයේ කිසිඳු පුවතක් වාර්තා නොකිරීමට සහ අගමැති මහින්ද රාජපක්ෂ සඳහා නාලිකාවේ වැඩි ගුවන් කාලයක් ලබාදීමය.
 
ඒ අනුව ජනාධිපති සිරිසේනගේ පුවතට පෙර පළමු පුවත ලෙස කුමන්ත්‍රණ අගමැති මහින්දගේ පුවත් විකාශය කිරීමත් එම පාර්ශවය වැඩි ගුවන් කාලයක් ලබාදීමටත් ස්වර්ණවාහිනී ප්‍රධානීන් එකඟතාව පළකර ඇති බවද දැනගන්නට ඇත.
 

ඒ අනුව යළිත් වරක් ලාංකීය මාධ්‍ය රාජපක්ෂවරුන්ගේ භුදල් බවට පත්ව ඇති බවත් ඒ වෙනුවෙන් සුපුරුදු මර්දනය යොදාගනිමින් සිටින බවත් තහවුරුවීමට මේ සිදුවීම සාක්ෂි දරයි.

 
පසුගිය කාලයක පටන් ස්වර්ණවාහිනී නාලිකාවේ මුදල් ආයෝජනය කර ඇති එල්ටීටීඊ ඩයස්පෝරාවට සම්බන්ධ ව්‍යාපාරිකයා ලෙස රාජපක්ෂ පාර්ශවය විවේචනය කරමින් සිටියේ ලයිකා මොබයිල් සමාගම සහ මැලේසියානු ව්‍යාපාරික සුදීර් ජයරාම්  ගැන සඳහන් කරමින්ය. විශේෂයෙන් විමල් වීරවංශ ඒ ගැන රසකරමින් පුවත් මැව්වාද අපට මතකය.
 
එහෙත් පාඨක ඔබ දැනගත යුතුව ඇත්තේ ඔය කියන සුදීර් ජයරාම් රාජපක්ෂ පාලන සමයේදී ඔවුන් සමඟද හොඳහැටි ගනුදෙනු සිදුකළ බවය. ඉදිරියේදී ඒ සම්බන්ධ විශේෂ අනාවරණයක් සිදුකිරීමටද newstube.lk  සූදානම්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න