කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ චෝදනා රැසක් එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්න ඇතුළු ඔහුගේ මැර සහචරයන් වෙතින් මරණ තර්ජන ලැබූ සාක්ෂිකාර ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතා නාවික හමුදා වෘත්තියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ තවදුරටත් නාවික හමුදාවේ රාජකාරි කිරීම තම ජීවිතයට අවදානමක් බවට වන විශ්වාසය නිසාය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ මැරයන් !
ඊයේ (25) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඉදිරිපිටදීම ඔහුගේ සහචරයන් පිරිසක් විසින් ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට පහර දීමට අදාළ සිදුවීමේ වැඩිදුර තොරතුරුද ලැබී ඇත.
ඒ අනුව ඊයේ (25) සාක්ෂිකාර ලුතිනන් කමාන්ඩර් ලක්සිරි කොළඹ කොටුවේ පිහිටි නාවික හමුදා කඳවුරේ සිට ඇති අතර පස්වරුවේ එම ස්ථානයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වීන්ද්‍ර විජේගුනරත්න ඇතුළු ඔහුගේ සහචරයන් පැමිණෙනවා දැක තිබේ. පසුව ලක්සිරි මහතා එම ස්ථානයෙන් ඉවත්වයාමට තීරණය කර වීන්ද්‍ර විජේගුනරත්න ඇතුළු ඔහුගේ සහචරයන්ට නොපෙනෙන ලෙස පිටවීමේ දොරටුව දෙසට ගමන්කර ඇත.
එහිදී වීන්ද්‍ර විජේගුනරත්න ඔහුව දැක තිබෙන අතර "අන්න අරූ ඉන්නවා, ඕකව අල්ලපිය" කියා සිය සහචරයන් ඒ දෙසට යොමුකර ඇත. එහිදී අසලවූ ගොඩනැගිල්ලකට මුවාවී ඇති ලක්සිරි මහතා සිදුවීමෙන් ගැළවීමට උත්සාහ දරා ඇති බවද වාර්තා වෙයි.
මේ වන විට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නාවුක හමුදාවේ නොමැති බැවින් ඔහු ඒ වෙත පැමිණි කාරණය පවා සැකසහිත බව නාවුක හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ වුවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ නියෝග මත ක්ෂණික මැරයන් බවට පත්වූ ඔහුගේ සහචරයන් දෙදෙනෙකු පිස්තෝල අමෝරාගෙන ලක්සිරි මහතා සිටි දෙසට පැමිණ ඇති අතර ජීවිත ආරක්ෂාව පතා පළමුව පිස්තෝලය අතැතිව කඩාවැදුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ මැර සහචරයාගේ අවිය විසිව යන ආකාරයට පහරදීමටද ඔහු කටයුතු කර ඇත.
දුරකථනයත් පැහැරගෙන !
එහිදී ලක්සිරි මහතාගේ ජංගම දුරකථනය බිම වැටී ඇති අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ මැරයන් එය පැහැරගෙන නැවතත් ඔහුට පහරදීමට ප්‍රයත්න දරා තිබේ. එම අවස්ථාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න ද එම ස්ථානයට පැමිණ ඇත. එහෙත් එයින් ගැලවීගත් ලක්සිරි මහතා එම ස්ථානයෙන් පිටත්ව කෙළින්ම කොටුව පොලිසිය වෙත පැමිණ තමන්ට සිදුවූ දේ පිළීබඳ පැමිණිලි කර ඇත.
පොලිස් පරීක්ෂණයටත් බාධා !
ඒ අවස්ථාවේ ක්‍රියාත්මකවූ කොටුව මුලස්ඨාන පොලිස් පරීක්ෂකවරයා සිදුවීම සිදුවූ ස්ථානයට ගොස් පරීක්ෂණ ඇරඹීමට උත්සාහ දරා ඇති නමුත් ඔහුට එම ස්ථානයට යාමට නාවුක හමුදාව අවසර ලබාදී නොමැති බවද වාර්තා වෙයි. අනතුරුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා නැවත පැමිණ ඒ සම්බන්ධව රාජකාරි සටහනක් යොදන්නද ක්‍රියාකර ඇති බවත් දැනගන්නට ඇත.
ජීවිතය අවදානමේ !
මෙසේ නාවුක හමුදා කඳවුර තුළම මරණ තර්ජනයට ලක්වීම හේතුවෙන් ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතා සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර මෙම සතිය තුළදීම ඒ බව නාවුක හමුදා ප්‍රධානීන්ට නිල වශයෙන් දැනුම්දීමට නියමිත බවද වාර්තා වෙයි.
උතුරු නැගෙනහිර දීර්ඝ කාලයක් මෙහෙයුම් කටයුතු වලද නිරත දක්ෂ නිලධාරියකු වන ඔහු මෙසේ සිය කඳවුර තුළම මරණ තර්ජනයට ලක්වන්නට සිදුව තිබෙන්නේ කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ චෝදනා රැසක් එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්නට එරෙහිව සාක්ෂි ලබාදීම නිසාය.
මේ නඩුව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් විමර්ශන කටයුතු සිදුකළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාව එම කටයුතු වලින් ඉවත්කර ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ජනාධිපති සිරිසේන පසුගියදා නියෝග කර තිබු අතර ඒ අනුව ඔහුව ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා ද කටයුතු කර තිබිණ. නමුත් පොලිස් කොමිසම මැදිහත්වී එම ස්ථාන මාරුව අවලංගු කල නිසාවෙන් යළිත් නිශාන්ත මහතාට එම තනතුරේ රාජකාරි සඳහා අනියුක්ත වීමට අවස්ථාව හිමිවිය.
කෙසේ වුවත් දැන් පෙනෙන්නට ඇත්තේ රාජපක්ෂ සමයේ සිදුවූ අපරාධ වලට අදාළ විමර්ශන සිදුකරන නිලධාරීන් පමණක් නොව ඒ වෙනුවෙන් සාක්ෂි ලබාදුන් සියළු දෙනාගේ ජීවිත අනතුරේ වැටෙමින් තිබෙන බවය. මේ සියල්ල සිදුවීම ආරම්භව ඇත්තේ ඔක්තෝබර් 26 ජනාධිපති සිරිසේන සහ රාජපක්ෂවරුන්ගේ දේශපාලන කුමන්ත්‍රණයත් සමඟය.
සබැඳි පුවත

