සිරිසේන පීනන්නේ අසූචි ගඟක : කොහෙට පීනුවත් වෙනසක් නෑ - විජිත

සිරිසේන පීනන්නේ අසූචි ගඟක : කොහෙට පීනුවත් වෙනසක් නෑ - විජිත

ඔක්තෝබර් 26 වනදා දියත් කළ දේශපාලන කුමන්ත්‍රණයේ සැබෑ හේතුව පිටුපස තිබුණේ මෛත්‍රීපාල සිරිසේනට යළිත් ජනාධිපති අපේක්ෂකයාවීමේ අපේක්ෂාව සහ රාජපක්ෂලාට තමන්ට එරෙහිව තිබෙන අධිකරණ ක්‍රියාමාර්ග වළක්වා ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කරයි.

විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර සිටියේ අද (26) පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින්ය.

තමන් දේශපාලනය තුළ තමන් උඩුගම් බලා පීනන බව සිරිසේන ජනාධිපති සඳහන් කළත් පීනන්නේ අසූචි  ගංගාවක බැවින් එහි උඩු අතට පීනුවත් මොන අතට පීනුවත් නැවතත් වැටෙන්නේ අසූචි ගොඩකටම බව ද මන්ත්‍රීවරයා පැවසීය. 

අන්තර්වාර කෙටි කාළීන ආණ්ඩු කතාව මෙන්ම කෙටිකාලීන සභාග ආණ්ඩු ගැන කුමන්ත්‍රණ ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ මුළුමනින් අසත්‍ය බවත් ඔක්තෝබර් 26 වනදා සිදුකළ ආණ්ඩු කුමන්ත්‍රණය අවස්ථාවේ එවැන්නක් ගැන සඳහන් නොවූ බවත් ඒ කතා සියල්ල එළියට ආවේ දේශපාලන කුමන්ත්‍රණයෙන් මාසයක් ඉක්මයන අවස්ථාවේදී බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේද පැවසීය.

"ඔය කියන අන්තර පාලන ආණ්ඩු, කෙටි කාළීන භාරකාර ආණ්ඩු සේරම කතා පට්ටපල් බොරු. අන්තර් වාර කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීම සහ අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව කිසිම වැඩපිළිවෙලක් මේ අයට තිබුණේ නෑ. එහෙම දෙයක් තිබුණා නම් ඒ බව රට හමුවේ කියන්න තිබුණා. දැන් එක එක කතා කියවනවා. කෙටි කාළීන ආණ්ඩුවක් පිහිටුවන සැලැස්මක් තිබුනා නම් අද එකයි හෙට එකයි ඊළඟ දවසේ තවත් එකයි කියාගෙන බඩවැල වගේ අමාත්‍ය මණ්ඩලය පත්කරේ මොකටද? මන්ත්‍රීවරුන් මුදලට ගන්න උත්සාහ කළේ මොකටද? ඒ නිසා ඉතාම පැහැදිළියි, දැන් මේ අය  රට ගලවාගන්න  හදිසි මහ මැතිවරණයක් ඉල්ලන තැනට ඇවිල්ලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය නැතිව හැම පැත්තෙන්ම තාප්පයට හේත්තු වුනහමයි. 

දැන් හොඳටම හිරවෙලා ඉන්නේ ඒ නිසා බොරු කතා කියවනවා. මෛත්‍රීපාල මහත්තයා දැන් හිටපු අමාත්‍යංශය දුෂිතයි කියනවා, ඒත්  එයා කියන්නේ නෑ, එයා දැන් වාඩිවෙලා ඉන්නෙත් ලංකා ඉතිහාසයේ ලොකුම හොරු ටිකත් එක්ක. දැන්වත් සිරිසේන ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමන්න ඕන. එයාගේ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී පත්කිරීමට එරෙහිව දැනටත් මන්ත්‍රීවරුන් 122ක් එක පැත්තක් අරගෙන තිබෙනවා. දැන්වත් කුමන්ත්‍රණය අසාර්ථක වූ බව සිරිසේන පිළිගන්න ඕන. ඉස්සරහට තවත් යන්නත් බෑ යන්න දෙන්නෙත් නෑ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න