හැන්සාඩ් වෙනස් කරන්න බැහැ - පාර්ලිමේන්තු නි. මහලේකම් : කුමන්ත්‍රණකරුවන් යළිත් පච වෙයි 

හැන්සාඩ් වෙනස් කරන්න බැහැ - පාර්ලිමේන්තු නි. මහලේකම් : කුමන්ත්‍රණකරුවන් යළිත් පච වෙයි 

පාර්ලිමේන්තු හාන්සාඩ් වාර්තා සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග හෝ නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිදු සිද්ධියක් සම්බන්ධව පිටතින් කිසිවකුටත් තීරණ ගත නොහැකි බවත් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේය.

2018 ඔක්තෝබර් 26 වන දින සිට 2018 නොවැම්බර් 29 දින දක්වා වූ සියළු පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා මේ වන විට නිකුත් කර ඇති බවත් කිසිවකුගේ නියෝගයක් මත හැන්සාඩ් වාර්තා සකස් නොවන අතර හැන්සාඩ් සංස්කාරකතුමිය විසින් එය සකස්කර  අවසානයේදී ගැටළු මතුවුවහොත් කතානායකගේ මූලිකත්වයෙන් නැවත එය සකස් වන බව ඔහු පැවසීය.
 
මේ සම්බන්ධව අදහස් දැක්වූ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ 2018 නොවැම්බර් 16 වන දින පාර්ලිමේන්තු කටයුතු හැන්සාඩ් වාර්තාව නිවැරදිව වාර්තා නොවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. එම හැන්සාඩ් වාර්තාවේ අඩංගු වන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙන එන පද විශ්වාසභංග යෝජනාව පිළිබඳ හෙයින් මේ පිළිබඳ අවධානය යොමුකර හැන්සාඩ් වාර්තාවට අවශ්‍ය සංශෝධන කරන ලෙස ඉල්ලා හැන්සාඩ් සංසාකරතුමිය වෙත 2018 නොවැම්බර් 29 දින ලිපියක් යොමු කළ බවද ඔහු පැවසීය.
 
හැන්සාඩ් වාර්තාවේ “There is no Majority for that”  හි that යන පදය them ලෙස වෙනස් කර ඇති බවත් එමෙන්ම එදින පාර්ලිමේන්තුවේදී කතානායක විසින් ප්‍රකාශ නොකරන ලද  “The Motion is carried” යන වගන්තිය ඇතුළත් කර ඇති බවත් එකී හැන්සාඩ් වාර්තාව සංශෝධනය කරන ලෙස ඉල්ලා ඇති අදාළ ලිපියේ සඳහන් වේ.
 
රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න