සුසිල් බලහත්කාරයෙන් සංවර්ධන නිලධාරී හමුවක් කැඳවයි : ගියොත් රැකියා අවධානමේ !

සුසිල් බලහත්කාරයෙන් සංවර්ධන නිලධාරී හමුවක් කැඳවයි : ගියොත් රැකියා අවධානමේ !

ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය ලෙස පෙනී සිටින්නා වන සුසිල් ප්‍රේමජයන්ත නීති විරෝධී රාජ්‍ය නිලධාරී හමුවක් කැඳවා ඇති බව වාර්තා වෙයි.

ඒ හෙට (දෙසැම්බර් 1) කොළඹ ප්‍රාදේශීය ලේකම්කාර්යාල අනුබද්ධව සේවය කරන  සියළු සංවර්ධන නිලධාරීන්ගේ හමුවක් කැඳවමින්ය. ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අද (30) මෙම දැනුම්දීම සිදුකර ඇත.

එහිදී අදාළ හමුව සඳහා අනිවාර්යයෙන් පැමිණිය යුතු බවත් නොපැමිණෙන පාර්ශව අමාත්‍යවරයාගේ නියෝග නොතකා කටයුතු කල බැවින් රැකියාව අහිමිවීමේ අවධානමක් වුවත් එල්ලවිය හැකි බවට නිල තර්ජනයක්ද යොමුකර ඇති බවද වාර්තා වෙයි.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ බහුතරය නොමැතිව පනතක් හෝ සම්පූර්ණ කරගත නොහැකිව ලෝකයේ බරපතලම නින්දාවට පත්ව සිටින කුමන්ත්‍රණ ආණ්ඩුවේ නීති විරෝධී අමාත්‍යවරයකු වන සුසිල් ප්‍රේමජයන්තගේ මේ  දරුණු වල්ලිපු ලක්ෂණ ඇතුළත් ක්‍රියාව ඉතාම පැහැදිළිය. ඒ  අද (30) දින පාර්ලිමේන්තුව විසින් ජන රජයේ අරමුදල් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ වියදම් සඳහා භාවිත කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලයක් නොමැති බවට යෝජනාව සම්මත කරගෙන තිබෙන නිසාය. ඒ හමුවේ මේ සූදානම් වන්නේ නීති විරෝධී කටයුත්තක පාර්ශවකරුවන් බවට අහිංසක රාජ්‍ය සේවකයන්ද ගොදුරු කරන්නටය. මේ  අන් කිසිවක් නොව නුදුරේදී සිදුකළ වැරදි වලට තමන් තනිව දඬුවම් ලබනු වෙනුවට රාජ්‍ය සේවකයන්ද ඒ දඬුවමේ කොටස්කාරයන් බවට පත් කිරීමය.

එයින් ගැළවෙන්න රාජ්‍ය සේවකයන්ට තිබෙන පැහැදිළි අවස්ථාව වන්නේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙන නීති ප්‍රකාරව අනුයමින් මේ වලිප්පු හමුව වර්ජනය කිරීමය. උත්තරීතර සහ ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදය දිනීම සඳහා වන සටන හමුවේ එන තාවකාලික නීති විරෝධී තර්ජනයන් නොතකා කටයුතු කිරීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න