කොකා චාලි පෙන්නූ සිරිසේන : වහා ජනාධිපතිවරණයක් කැඳවනු - පාඨලී 

කොකා චාලි පෙන්නූ සිරිසේන : වහා ජනාධිපතිවරණයක් කැඳවනු - පාඨලී 

අද වන විට මෙරට සංචාරක ව්‍යාපාරය මෙන්ම ආර්ථික බලයද අහිමිවූ බෙලහීන රටක් බවට පත්ව ඇති බවත් එබැවින් එම තත්ත්වය උදාකළ හැට දෙලක්ෂයක් ජනතාවට කොකා චාලි පෙන්වූ සිරිසේන ජනාධිපති ජනාධිපතිවරණයක් කැඳවා යුක්තිය ඉටුකර ගැනීමට අවස්ථාව සැළසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද අදහස් දැක්වීය.

අද මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉවරයි.මේ රටේ ආර්ථික බලය ඉවරයි. මේ රට අද රාජපක්ෂලා ණයකාරයෝ බවට පත් කරලා තියෙනවා මිත්‍රවරුනි.ඒක නිසා මතක තියා ගන්න අපි අනාගතයේ ශක්තිමත්ව ඉදිරියට එනවා.ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා අපි කියුවා අපි ගෙනියන්නේ යුක්තියේ සටනක්,අපි කියුවා අපි ගෙනියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සටනක්,අපි කියුවා අපි ගෙනියන්නේ නිදහසේ සටනක්,ඒ සටන පරදින් නෑ මිත්‍රවරුනි.ජයග්‍රාහීව ඉදිරියට යනවා කියලා අපි මහින්ද මහත්තයට කියනවා.

ඒ වගේම අපි උන්නැහේට කියනවා ඔබලාට ගහන්න පුළුවන් ඕනෑම ගේමක් අපිටත් පුළුවන් මහත්තයෝ.එදා කොටිත් එක්ක හිතවත් වෙලා,කතා කර කර කොටියට දොල පිදේනි දිදී බයවෙලා ඉද්දී අපි තමා පෙන්නලා දුන්නේ පරාජය කරන පාර.ඒ වගේම මිත්‍රවරුනි අපි මේ රටේ අනාගතය ගොඩ නගන්න බොහොම හොඳට වැදගත් විදියට රටේ නිදහස් අධිකරණයක්,නිදහස් මැතිවරණ ක්‍රමයක් ඇති කළා.අපි මැතිවරණ වලට බයද? නෑ අපි මැතිවරණ වලට බය නෑ.

ඒ වගේම පළමුවෙන්ම තියන්න ඕනේ මැතිවරණය වෙන මොකක්වත් නෙවෙයි සිරිසේන මහත්තයෝ ජනාධිපතිවරණයයි.ඒ මොකද මතකයි නේද තංගල්ලේ හිටපු චාලි.මිනිහා තමන්ගේ පැත්ත මාරු කරලා අනිත් පැත්තට ගිහිල්ලා අනිත් පැත්තේ අයට කොකා පෙන්නුවා.එදා ඉදන් මිනිහා කොකා චාලි.අපේ හැට දෙලක්ෂයක් ජන්ද අරන් අපිට කොකා චාලි පෙන්නුවේ සිරිසේන මහත්තයයි.ඒ නිසා අපි සිරිසේන මහත්තයට කියනවා පුළුවන් නම් ලබන ජනවාරි 09 කැඳවන්න ජනාධිපතිවරණය අපේ අපේක්ෂකයත් ලෑස්තියි,පෙරමුණත් ලෑස්ති කියලා අපි කියනවා මිත්‍රවරුනි.ඒ වගේම නිත්‍යානුකුල ආණ්ඩුවක් යටතේ,සාධාරණ මැතිවරණ කොමිසමක් යටතේ මහා මැතිවරණයට එක පාරක් නෙවෙයි දහ පාරක් අපි ලෑස්ති කියන එක අපි මහින්ද මහත්තයට කියනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න