සිරිසේන යළිත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා : අලවතුවල චෝදනා කරයි !

සිරිසේන යළිත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා : අලවතුවල චෝදනා කරයි !

අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපතිතුමන් වෙත කිසිදු බලයක් පවරා නොමැති බවත් එහෙයින් ජනාධිපතිතුමා, අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලපෑම් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව හිටපු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති සිරිසේන විසින් සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නියෝග හා විධාන ලබා දුන් බව සඳහන් කෙරුණු 2018.12.04 දිනැති ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයට ප්‍රතිචාර දක්වමින්ය.

මේ සම්බන්ධව විශේෂ මාධ්‍ය නිවේදනයක්ද මන්ත්‍රීවරයා නිකුත්කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) වගන්තියට අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තුද, වෙනත් ආයතනද මෙහෙයවිය යුත්තේ සිය අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්ව බව එහි සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

ව්‍යවස්ථාවේ 42 (1) වගන්තියට අනුව ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර ඇමති මණ්ඩලයක් සිටිය යුතුය. නමුත් පසුගිය නොවැම්බර 14 වන දින සහ ඊට පසුව  පාර්ලිමේන්තුවේ සම්මත කරගත් විශ්වාසභංග යෝජනා හා 2018 දෙසැම්බර් 03 වනදා ගරු අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය අනුව වර්තමානයේ අමාත්‍ය මණ්ඩලයක් ක්‍රියාත්මක වන්නේ නැත.

එසේ හෙයින් අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග හා විධාන දිය හැකි අධිකාරියක් දැනට ක්‍රියාත්මක නොවේ. ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකඣලව නියෝග හා විධාන ලබා දිය හැක්කේ තමන් යටතේ ඇති අමාත්‍යාංශයන්හි ලේකම්වරුනට පමණි. එසේ වී තිබියදී ජනාධිපතිතුමා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග හා විධාන නිකුත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවකි. 

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සම්මත වූ වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනා සැලකිල්ලට ගනිමින්, ආයතන හා මුල්‍ය සංග්‍රහයට අනුව ක්‍රියා කිරීමට සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් බැඳී සිටින බව මෙහිලා අවධාරණය කරමු. එසේ නොමැතිව ව්‍යවස්ථා විරෝධී නියෝග හා විධාන පිළිපැදීමෙන් සිදුවනුයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. එය අතිශය බරපතල වරදකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න