"දිවයින" අධිකරණයට අපහාස කරයි !

"දිවයින" අධිකරණයට අපහාස කරයි !

දෙසැම්බර් 03 වනදා අභියාචනාධිකරණය විසින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද ඇතුලු  49 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක් නිකුත්කර තිබියදී දිවයින පුවත් පත එය නොතකා කටයුතු කරමින් සිටියි.

ඒ තවදුරටත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාව අගමැති ලෙස හදුන්වාදෙමින්‍ ය.

අද (05) දිවයින වෙබ් අඩවියේද ඒ බව සදහන් පුවත් වාර්තා පලකර තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් නීති ක්ශේත්‍රයේ පිරිස් පෙන්වා දෙන්නේ මේ හරහා අධිකරණයට අපහාසයක් සිදුවන බවය. එසේම අධිකරණය ලබාදෙන තීන්දුවක් විවේචනය කිරීමට හැකි වුවත් නියෝග නොතකා ක්‍රියා කිරීම නීති විරෝධී බවද ඔවුන් සදහන් කරයි.

මේ අතර පසුගියදා ජන හමුවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ දියත්ව තිබෙන දේශපාලන කුමන්ත්‍රණයට සහය දක්වමින් කලු මාධ්‍ය වලල්ලක් නිර්මාණය කර ඇති බවය. 

ඔවුන් මාධ්‍ය ආචාර ධර්ම පවා අමුඅමුවේ උල්ලංඝනය කරමින් ජනතාව නොමග යවන බවද මන්ත්‍රීවරයා පැවසූ අතර දිවයින පුවත්පත ද මේ ඔප්පු කරමින් සිටින්නේ ඔවුන්ද ඒ කලු මාධ්‍ය වලල්ලේ සිටින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න